ගිනිබටයාගේ අපූරු වගාව!

Date:

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

සුපිරි තෙමහල් නිවසක උඩුමහලේ සරුවට වගාකර තිබූ රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ගංජා හයිබ්‍රීඩ් කුෂ් පැල තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. ඒ දෙහිවල නැදිමාල රුපසිංහ පාරේ නිවසකින් වේ.

මෙම වැටලීම සිදුකර තිබෙන්නේ, දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට අනුවයි.

දෙහිවල පොලිසිය සඳහන් කර සිටියේ, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනිබටයෙක් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර එම සැකකරු සමග අඩි 2 -1/2 – 3 ආදී විවිධ ප්‍රමාණවලින් ගංජා හයිබ්‍රිඩ් කුෂ් පැළ 36 ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අන්තර්ජාලය හරහා ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද ගංජා හයිබ්‍රිඩ් කුෂ් ඇට මගින් මෙම පැළ රෝපණය කරන බවට අනාවරණය වී ඇත.

දෙහිවල පොලිසිය සඳහන් කර සිටියේ. ඔහු විසින් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය මිතුරන් අතරේ අලෙවි කරන බව පැවසුවත්, එම සැකකරු රාත්‍රී සමාජ ශාලාවල සඳහා යොමු වන්නන් සඳහා අධික මුදලකට අලෙවි ඇති බවයි

මෙම පැළ වේලීමෙන් අනතුරුව ග්‍රෑම් එකක් රුපියල් 8500/= මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...