ජනාධිපති පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස කියයි !

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ඉල්ලා අස්වෙන්නැයි ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ (14) පැවති රැස්වීමේදී ය.

මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ ඊයේ උදෑසන 09.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණු නමුත් මන්ත්‍රීවරුන් පැමිණීමට ප්‍රමාද වීම නිසා එය ආරම්භ කිරීමට සිදුව තිබුණේ 10.30 ට පමණ ය. මන්ත්‍රීවරුන් 65 දෙනෙකු පමණ ඊට සහභාගී වී තිබිණි.

ආරම්භයේ පටන්ම මෙම රැස්වීම ඉතාම උණුසුම් වාතාවරණයක් ගෙන තිබුණේ ඒ මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස ඇතුළු දේපළවලට පසුගිය 09 වනදා හානි සිදුවී තිබුණු නිසා ය. ඔවුන් ජනාධිපතිවරයාව වටකරගෙන තම දුක කියනා අතරේ ඉතාම තදබල ලෙස පොලිස්පතිවරයාටත් හමුදාපතිවරයාටත් දෝෂාරෝපණය කර තිබුණේ තම දේපළ ආරක්ෂා කරදීමට ඔවුන් පියවර නොගත් බවට චෝදනා කරමිනි.

ඒ අනුව ජනාධිපතිවරයා එම රැස්වීමට ඒ මොහොතේදීම පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාව කැඳවා ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් ඉතාම කර්කෂ අයුරින් පොලිස්පතිවරයාට බැණවැදී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. තමන්ට මීට වඩා ආරක්ෂාවක් ලබාදීමට පොලිස්පතිවරයා පියවර ගත යුතුව තිබුණු බවට චෝදනා කළ ඔවුන් මෙහි සම්පූර්ණ වගකීම පොලිස්පතිවරයා විසින් භාරගත යුතු බව තරයේ අවධාරණය කර ඇති බවත් වාර්තා විය.

ඒ අනුව අවසානයේ පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?