ජනාධිපති පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස කියයි !

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ඉල්ලා අස්වෙන්නැයි ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ (14) පැවති රැස්වීමේදී ය.

මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ ඊයේ උදෑසන 09.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණු නමුත් මන්ත්‍රීවරුන් පැමිණීමට ප්‍රමාද වීම නිසා එය ආරම්භ කිරීමට සිදුව තිබුණේ 10.30 ට පමණ ය. මන්ත්‍රීවරුන් 65 දෙනෙකු පමණ ඊට සහභාගී වී තිබිණි.

ආරම්භයේ පටන්ම මෙම රැස්වීම ඉතාම උණුසුම් වාතාවරණයක් ගෙන තිබුණේ ඒ මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස ඇතුළු දේපළවලට පසුගිය 09 වනදා හානි සිදුවී තිබුණු නිසා ය. ඔවුන් ජනාධිපතිවරයාව වටකරගෙන තම දුක කියනා අතරේ ඉතාම තදබල ලෙස පොලිස්පතිවරයාටත් හමුදාපතිවරයාටත් දෝෂාරෝපණය කර තිබුණේ තම දේපළ ආරක්ෂා කරදීමට ඔවුන් පියවර නොගත් බවට චෝදනා කරමිනි.

ඒ අනුව ජනාධිපතිවරයා එම රැස්වීමට ඒ මොහොතේදීම පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාව කැඳවා ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් ඉතාම කර්කෂ අයුරින් පොලිස්පතිවරයාට බැණවැදී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. තමන්ට මීට වඩා ආරක්ෂාවක් ලබාදීමට පොලිස්පතිවරයා පියවර ගත යුතුව තිබුණු බවට චෝදනා කළ ඔවුන් මෙහි සම්පූර්ණ වගකීම පොලිස්පතිවරයා විසින් භාරගත යුතු බව තරයේ අවධාරණය කර ඇති බවත් වාර්තා විය.

ඒ අනුව අවසානයේ පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...