බංගලාදේශයට එරෙහිව අද ටෙස්ට් වරම් අපේක්ෂාවෙන් සිව් දෙනෙක්

Date:

අද ආරම්භ වන ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා සංචිතයේ නවක ක්‍රීඩකයන් සිව් දෙනෙකුම සිටින බව දැක ගන්නට හැකියි.ඉන් කමිල් මිෂාර සහ කමිදු මෙණ්ඩිස් වෙනත් තරග රටාවන්ගෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇතත් ඩිල්ෂාන් මධුශංක සහ සමින්ද ලක්ෂාන් තවමත් කිසිම තරග රටාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කර නැහැ.

වත්මන් ටේස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව හත්වන තැන පසුවන අතර බංගලාදේශය සිටින්නේ නව වන තැනයි.නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් යම් පහත වැටීමක සිටින අතර මේ වන විට රටේ දේශපාලන අස්ථාවර භාවය නිසා ද පුරවැසියන් ලෙස සමස්ත ප්‍රජාව පසුවන්නේ යම් අවිනිශ්චිත තැති ගැන්මකය.ඊට සාපේක්ෂව බංගලිදේශය ක්‍රීඩාවෙන් යම් ප්‍රගතියක් බමින් සිටින අතර රටක් වශයෙන් ද දුෂ්කර කොරෝනා තත්ත්වයට සාර්ථකව මුහුණ දිමෙන් නොනැවතී ශ්‍රී ලංකාව වැනි රටකට ණය දීමට හැකි මට්ටමට සිය ආර්ථිකයද සංවර්ධනය කරගෙන සිටින තත්ත්වය ද පුරවැසියන් වශයෙන් එරට ක්‍රීඩකයන් තුළ යම් අභිමානයක් ඇති කර තිබෙන බව සහතිකය.

කෙසේ හෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ වෘත්තිමය මානසික මට්ටම ක්‍රීඩාව තුළ කළමණාකරනය කර ගන්නට ලැබෙන හැකියාව මත රටේ බොහෝ ක්‍රීඩාවට කැමති පිරිස් දැඩි අර්බූදයක සහ අසහනයක සිටින මොහොතක යම් සහනදායි සතුටක් ඇති කිරිමට ජයග්‍රහණය ලැබීමේ අවස්ථාවන් පුළුල් කර ගැනීම වැදගත්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Child First” නමින් නව ව්‍යාපෘතියක් : මෙරට දරුවන් වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : ළමා හිංසන, ළමා...

ඉරානය විසින් ඊශ්‍රායල් ජනාකීර්ණ නගර වෙත බැලස්ටික් මිසයික 150ක් දියත් කරයි; දෙපාර්ශවය අතර ගැටුම් තවදුරටත්

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට එල්ල කරන...

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...