නියෝජ්‍ය කථානායක ධුරය : සජබෙන් රෝහිණී, පොහොට්ටුවෙන් රාජපක්ෂ කෙනෙක්

දැනට පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය ඉදිරිපත් කරන බව නිවේදනය කර තිබේ.

මේ අතර එම තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා ඉදිරිපත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ඒ අනුව දෙපාර්ශ්වයකින් අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ නම් මැයි 17 වනදා පෙරවරුවේ පාර්ලිමේන්තු රැස්වීමේදී මේ සඳහා ඡන්ද විමසීමක් සිදුකිරීමට සිදුවනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...