සිරකරුවන් 244 ක් නිදහස් – රන්ජන්ට අදත් නෝ චාන්ස් !

Date:

වෙසක් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් 244 කට රාජ්‍ය සමාව හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ලැබී තිබෙන බලතල ප්‍රකාරව මෙම සිරකරුවන්ට රාජ්‍ය සමාව හිමි වේ.

දිවයින පුරා පිහිටි සෑම බන්ධනාගාරයක්ම නියෝජනය වන පරිදි රාජ්‍ය සමාව හිමිවන සිරකරුවන් තෝරාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබෙන්නේ දඩ මුදල් නොගවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ද‌ඬුවමේ ඉදිරි ශේෂය අහෝසි වන බවයි. එසේම අද දිනය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන්ගේ, බන්ධනාගාරය තුළ ගතකර ඇති සෑම වසරකටම දින 14 බැගින් අහෝසි වේ.

අද දිනය වනවිට බන්ධනාගාරගතව සිරදඬුම් විඳින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවූ සිරකරුවන්ගේ දඬුවමින් හරි අඩක් අඩුකිරීම ‍හා අඩකට වඩා වැඩි කාලයක් දඬුවම් විඳින ලද සිරකරුවන්ගේ දඬුවමේ ඉතිරි ශේෂය අහෝසි කිරීමටද තීරණය කර තිබෙනවා.

වසර 40 කට හෝ ඊට වැඩි සිර දඬුවම් නියම කර ඇති 2022.05.15 දින වනවිට මහාධිකරණයෙන් දඬුවම් නියම කළ දින සිට වසර 20 ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි වනු ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලා ඊයේ දිනයේදී කලාකරුවන් ඇතුළු පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ගෝෂණයක නිරත විය. කෙසේ නමුත් හිටපු මන්ත්‍රීවරයා අද පොදු සමාව යටතේ නිදහස් කළ පුද්ගලයන් අතර නොමැති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...