උණ්ඩියල් ක්‍රමයට ඩොලර් 47,000ක් මාරු කිරීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

0
1382

උණ්ඩියල් ක්‍රමය ඔස්සේ ඇමරිකානු ඩොලර් 47000ක් මාරු කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ලැබුණු ඔත්තුවකට අනුව බොරලැස්ගමුව ප්‍රදේශයේ සිදු කළ වැටළීමකදී ය.

බැංකුවලින් ලබාදෙන මුදලට වඩා මුදලක් ලබාගැනීම සඳහා මෙසේ උණ්ඩියල් ක්‍රමයට මුදල් මාරු කිරීමට මොවුන් උත්සාහ දරා ඇති අතර මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරෙනු ඇති බව සඳහන්.

RN