නව ඇමති මණ්ඩලයේ ඉතිරි කොටස අද දිවුරුම් දෙයි. පළමු කැබිනට් රැස්වීමත් අද

0
2928

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉතිරි කොටස අද (16) දිවුරුම් දීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

දැනට අමාත්‍යවරුන් 4 දෙනෙකු දිවුරුම් දී ඇති අතර තවත් 16 දෙනෙකු අද දිනයේදී දිවුරුම් දෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ද අද රාත්‍රියේ පැවැත්වෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.