පොලිස් නිළධාරීන් දහසක් කොළඹට කැඳවයි – තවත් පෙරළියක්ද ?

Date:

පළාත් කිහිපයකින් පොලිස් නිළධාරීන් 1000 ක් පමණ කොළඹ නගරය වෙත කැඳවා තිබෙනවා. උතුර, ඌව, දකුණ සහ සබරගමුව යන පළාත්වලින් මෙම නිළධාරීන් කොළඹට කැඳවා ඇති අතර පොලිස් විද්‍යාලයෙන්ද නිළධාරීන් පිරිසක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

අද පස්වරුවේදී කොළඹ දකුණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක මිරිහාන පොලිස් ක්‍රීඩාංගනය වෙත වාර්තා කරන ලෙස අදාල නිළධාරීන් දැනුවත් කර ඇති අතර ජාතික හා පොලිස් හැඳුනුම්පත්, සාක්කු සටහන් පොත, වැහි කබා, ආරක්ෂිත හිස් වැසුම් , නිළ මුගුර රැගෙන ආයුතු බවද දැනුම් දී තිබේ.

මෙම නිළධාරීන් පිරිස හෙට (17) සිට 20 වැනිදා දක්වා විශේෂ රාජකාරි සඳහා යෙදවීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...