උණ්ඩියල් ක්‍රමයට හුවමාරුව සඳහා යූරෝ 50,000ක් ළඟ තබාගෙන සිටි අයෙකු අල්ලයි

බැංකු පද්ධතියෙන් බාහිරව උණ්ඩියෙල් ක්‍රමයට හුවමාරු කිරීම සඳහා යූරෝ 50,000ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයට ලද ඔත්තුවක් මත පැපිලියාන ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක් වන අතර මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරෙනු ඇති.

ඊයේ දිනයේදී ද උණ්ඩියෙල් ක්‍රමයට ඇමරිකානු ඩොලර් 47000ක මුදලක් හුවමාරු කිරීමට ගිය අයෙකු පොලිස් විශෙෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රම්ප්ගෙන් හදිසි තීරණයක්:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:...

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...