උණ්ඩියල් ක්‍රමයට හුවමාරුව සඳහා යූරෝ 50,000ක් ළඟ තබාගෙන සිටි අයෙකු අල්ලයි

Date:

බැංකු පද්ධතියෙන් බාහිරව උණ්ඩියෙල් ක්‍රමයට හුවමාරු කිරීම සඳහා යූරෝ 50,000ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයට ලද ඔත්තුවක් මත පැපිලියාන ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක් වන අතර මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරෙනු ඇති.

ඊයේ දිනයේදී ද උණ්ඩියෙල් ක්‍රමයට ඇමරිකානු ඩොලර් 47000ක මුදලක් හුවමාරු කිරීමට ගිය අයෙකු පොලිස් විශෙෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...