උපත්, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. LNG දත්ත පද්ධතියේ මතු වූ දෝෂ තත්වයක් හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.
මෙම දෝෂය හේතුවෙන් දිවයින පුරා සහතික පිටපත් නිකුත් කිරීම අක්රිය වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට අදාල දත්ත පද්ධතිය පිළිසකර කිරීම ආරම්භ කර ඇති අතර දත්ත පද්ධතිය යථා තත්වයට පත් වූ පසු සහතික පිටපත් නිකුත් කිරීම යළි ආරම්භ කරන බවයි රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
UN