සුළඟ යුපුන්ට යළිත් හරහට එයි

Date:

ඉතාලියේ සවෝනා හී පැවති මලල ක්‍රීඩා තරගාවලියකදි ශ්‍රී ලංකා මීටර් 100 ජාතික වාර්තාව උසුලන යුපුන් අබේකෝන් එහි මූලික තරගයේදී තත්පර 10.04 ක කාලයක් ගනිමින් තරගය අවසන් කළද,එය ජාතික වාර්තාවක් විම වළකන්නට සුළඟ බලපෑවේය.සුළඟේ ආධාරය +2-00 නොඉක්මවිය යුතු වුව ද,එම තරඟයට සුළිඟින් +2.3 ක් ලෙස සටහන් විය. වූ ආධාරය.එම මූලික තරගයේදී යුපුන් සමඟ ඔලිම්පික් රන් පදක්කම්ලාභි ජාකොඉ්ස් ලෙමොන්ටි තරඟ වැදුණු අතර ඔහු එය තත්පර 9.99 ට හමාර කර පෙරමුණ ගත් අතර යුපුන්ට හිමි වූයේ දෙවන තැනය.

මූලික තරඟ දෙකක් අවසානයේ ජාකොබ් එකට සහ යුපුන් දෙකට සිටිමින් අවසාන තරගයට සුදුසුකම් ලබා තිබුණ ද අවසාන තරගයේ දී තීරණය වෙනස් කරමින් ජාකොබ් සුපුරුදු පරිදි ජය ගත්තද,යුපුන්ට සිව්වැනි තැන දක්වා පසු බසින්නට සිඳු විය.එහිදි සුළඟ පහළ අගයක් ගත් අතර එය සටහන් වූයේ +03 ක් ලෙසය.එහිදී ජාකොබ් සුපුරුදු පරදි තරගය ජය ගත්තද ඔහුගේ කාලය සටහන් වූයේ ද තත්පර 10.04 ක් ලෙසය.දෙවන ස්ථානයට පත් අයිවරි කෝට්ස්හී සිසී ආතර් තත්පර10.10 න් සිය හොදම පුද්ගලික කාලීන කාලය වාර්තා කරන්නට සමත් විිය.ප්‍රංශයේ වැකුට් ජිමී තත්පර 10.2 න් තෙවැන්නා විය.සිව්වැන්නා වූ යුපුන්ට ඉසව්ව නිම කරන්නට ගත කළ කාලය තත්පර 10.16 කි.

RM

යුපුන් තත්පර 10.04 ක් වාර්තා කළ මූලික තරඟයේදී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...