සුළඟ යුපුන්ට යළිත් හරහට එයි

Date:

ඉතාලියේ සවෝනා හී පැවති මලල ක්‍රීඩා තරගාවලියකදි ශ්‍රී ලංකා මීටර් 100 ජාතික වාර්තාව උසුලන යුපුන් අබේකෝන් එහි මූලික තරගයේදී තත්පර 10.04 ක කාලයක් ගනිමින් තරගය අවසන් කළද,එය ජාතික වාර්තාවක් විම වළකන්නට සුළඟ බලපෑවේය.සුළඟේ ආධාරය +2-00 නොඉක්මවිය යුතු වුව ද,එම තරඟයට සුළිඟින් +2.3 ක් ලෙස සටහන් විය. වූ ආධාරය.එම මූලික තරගයේදී යුපුන් සමඟ ඔලිම්පික් රන් පදක්කම්ලාභි ජාකොඉ්ස් ලෙමොන්ටි තරඟ වැදුණු අතර ඔහු එය තත්පර 9.99 ට හමාර කර පෙරමුණ ගත් අතර යුපුන්ට හිමි වූයේ දෙවන තැනය.

මූලික තරඟ දෙකක් අවසානයේ ජාකොබ් එකට සහ යුපුන් දෙකට සිටිමින් අවසාන තරගයට සුදුසුකම් ලබා තිබුණ ද අවසාන තරගයේ දී තීරණය වෙනස් කරමින් ජාකොබ් සුපුරුදු පරිදි ජය ගත්තද,යුපුන්ට සිව්වැනි තැන දක්වා පසු බසින්නට සිඳු විය.එහිදි සුළඟ පහළ අගයක් ගත් අතර එය සටහන් වූයේ +03 ක් ලෙසය.එහිදී ජාකොබ් සුපුරුදු පරදි තරගය ජය ගත්තද ඔහුගේ කාලය සටහන් වූයේ ද තත්පර 10.04 ක් ලෙසය.දෙවන ස්ථානයට පත් අයිවරි කෝට්ස්හී සිසී ආතර් තත්පර10.10 න් සිය හොදම පුද්ගලික කාලීන කාලය වාර්තා කරන්නට සමත් විිය.ප්‍රංශයේ වැකුට් ජිමී තත්පර 10.2 න් තෙවැන්නා විය.සිව්වැන්නා වූ යුපුන්ට ඉසව්ව නිම කරන්නට ගත කළ කාලය තත්පර 10.16 කි.

RM

යුපුන් තත්පර 10.04 ක් වාර්තා කළ මූලික තරඟයේදී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...