අන්තරේට එරෙහිව තහනම් නියෝග නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Date:

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සහ පොල්දූඹ මංසන්ධියේ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධානයේ පැවැත්වීමට නියමිත උද්ගෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය විසින් සිදු කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වැලිකඩ පොලීසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවේ මෙම ඉල්ලීම සිදුකර තිබිණි. පාර්ලිමේන්තුව අසල උද්ගෝෂණ පැවැත්වීම හේතුවෙන් මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට බාධා සිදුවන බවත්, එය මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද කඩවීමක් බවත් පෙන්වා දුන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව අසල උද්ගෝෂණ පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලීසිය ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර අදාල ස්ථානයේ යම් සාමය කඩවීමේ සිදුවීමක් සිදු වුවහොත් පොලිස් බලතල අනුව කටයුතු කිරීමේ හැකියාව පවතින බවද ප්‍රකාශ කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...

හේම කුමාර නානායක්කාර සර්වජන බලයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

මින් ඉදිරියට මා විසින් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී...

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...