අනුර දිසානායක පූර්ණ බලතල සහිතව ජනාධිපති ළඟට!

Date:

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස අනුර දිසානායක මහතා පත්කර තිබෙනවා. අනුර දිසානායක මහතා මෙම තනතුරට පත්කර තිබෙන්නේ පූර්ණ බලතල සහිතව බවයි වාර්තා වන්නේ.

අනුර දිසානායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව අනුර දිසානායක මහතාටද ලේකම් තනතුරින් ඉවත්වීමට සිදුවිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව අනුර දිසානායක මහතා සිය ලේකම්වරයා ලෙස පත්කර ගැනීමට සූදානම්ව සිටි නමුත් පවුලේ සාමාජිකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් එම අරමුණ සඵල කර ගැනීමට නොහැකි විය. රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ පීඩනය හමුවේ පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් තනතුරට පත් වූ අතර ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු වත්මන් ලේකම් ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කෙරිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...