අසීරු මොහොතේ රෝහල් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ සැපයීමට සජිත් ප්‍රමුඛ සජබ මැදිහත්වෙයි (VIDEO)

Date:

රටේ පවතින ඖෂධ හිඟය හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමක් අනුව රෝහල් පද්ධතිය තුළ හිඟවී ඇති අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග දෙකක් හැකි ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වා දීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සාමාජිකයින්ගේ දායකත්වයෙන් පසුගිය කොරෝනා සමයේ සිට අඛණ්ඩව රෝහල් උපකරණ පරිත්‍යාග කරමින් පවත්වාගෙන එන “හුස්ම” වැඩසටහන යටතේ මෙම පරිත්‍යාග සිදුකරන අතර දිගින් දිගටම මෙසේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා සිය දායකත්වය සැපයීමට තමන් සහ සමගි ජන බලවේගය සූදානම් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

“ඊයේ දිනයේදී මතුවුණු තත්වය අනුව අපි උපරිම උත්සාහ කරනවා ජීවිත බේරාගැනීමේ වැදගත් ඖෂධ දෙකක් අපිට පුළුවන් පරිමාණයෙන් අපේ රටට ලබාගන්න. මම ඒ ගැන විග්‍රහයක් කරන්න කැමතියි. මේ වනවිට මම පෞද්ගලිකවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය හම්දානි මහතා – එතුමා තමයි ආධාරක වැඩසටහන් සම්බන්ධීකරණය කරන්නෙ – එතුමාගෙන් ලබාගත්තු තොරතුරු අනුව විශේෂයෙන්ම හෘදරෝග උදෙසා අවශ්‍ය බෙහෙත් වර්ග දෙකක් තිබෙනවා, එකක් ජීවිත බේරාගන්න එන්නතක්. ඒ එන්නත අපේ රටට ගෙන්වන්න – මට බොරු කියන්න බෑ මුළු රටේම අවශ්‍යතාව සම්පූර්ණ කරනවා කියලා – නමුත් සමගි ජන බලවේගයේත් සමගි ජන සන්ධානයේත් මන්ත්‍රීවරුන් ඇතුළු අපේ පක්ෂයේ සාමාජිකයින්ගේ ආධාර මුදල් මත අපි ඒ එන්නතට ප්‍රමුඛතාව ලබාදීලා ඒ සඳහා අපේ උපරිම මූල්‍ය දායකත්වය ලබාදීලා ඒ බෙහෙත ගෙන්වන්න. ඒ වගේම තවත් වැදගත් බෙහෙතක් GTN කියලා. ඒ බෙහෙතත් අපි භාරගන්නවා අපට පුළුවන් ආකාරයෙන් උපරිමයෙන්ම මේ කර්තව්‍යය ඉෂ්ඨ කරන්න. ඒ වගේම අපි බොහොම විනිවිදභාවයෙන් මේ වැඩේ කරන්නෙ. අපි කවුරුත් මුදල් පරිහරණය කරන්නෙ නෑ. කෙළින්ම ඒ සැපයුම්කරුවන්ට මුදල් ලබාදීලා ඒ සැපයුම සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන්න. එක පරිත්‍යාගයක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙනවා දිගින් දිගටම ඒ දායකත්වය අපෙන් ලබාදෙන්න”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

රටේ පවතින තත්වය හමුවේ මෙසේ පක්ෂ භේදයකින් තොරව, දේශපාලන වාසි නොතකා රටේ ප්‍රශ්න විසඳීම සඳහා එකමුතු වීමත් ප්‍රධාන විපක්ෂය වශයෙන් සජබ ඒ සඳහා මුල් පියවර තැබීමත් අතිශයින්ම වටිනා ක්‍රියාවක් බව අප ද පැවසිය යුතුමය. මේ මොහොතේ ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වී ඇති දේශපාලනය මෙයයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...

රට වනසන ගල් අඟුරු මාෆියාවට එරෙහිව කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:පුනරුදය සඳහා අඩු මිලට ස්වභාවික බලශක්ති රැකගැනීම වෙනුවෙන්...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු...

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...