පාර්ලිමේන්තු භෝජනාගාරය සහ මිනිස් ආකල්ප

Date:

අපේ රටේ ගොඩක් මිනිස්සු අහන ප්‍රශ්ණයක් තමා පාර්ලිමේන්තු කැන්ටිම මොකටද කියල වගේම ඒකෙ දෙන අසීමිත වටිනාකමින් යුක්ත කෑම ගැන. එහෙම අහන එක සාධාරණයි කියල තමා අපිටනම් හිතෙන්නෙ. ඒත් ඒකෙ තත්වය වෙනස්වෙලා කියල අපිට දැන් දැන් තේරෙනව.

පෙරේදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න (මැයි 17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කරපු ප්‍රකාශයකින් මේක තහවුරු වෙනව.ඔහු කිව්වෙ පෙරේදා පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාරය සඳහා තිබුණේ, බතල සහ රතු අල කියල . ඉතින් ඒවත් පෝෂ්‍යදායී ආහාර කියල තමා අපිට හිතෙන්නෙ. කොහොමත් අපිත් කියන්නෙ ජනතා නියෝජිතයන්ට ලබාදෙන අසීමිත වරප්‍රසාද නැති කරන්න කියල තමා.

ඊට පස්සෙ මන්ත්‍රීවරයා මෙහෙම කියනව.

“මේ සාමජයේ ආකල්ප හැදිලා තියෙන්නේ, හොඳට කාලා බීල ඇඳලා පැළඳලා ඉන්නවා නම්, රටේ මිනිහෙක්ගේ දෙයක් මංකොල්ල කන්නේ නැත්නම්, රටේ මිනිහෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ නැත්නම් ඒ මිනිස්සුන්ට තියෙනවා ඉරිසියාවක්. “

මේ ඉරිසියාව කියන එක විවිධ සමාජ කණ්ඩායම් අතරේ තියෙන දෙයක්. පාසැල් කාලයෙදි ඔය ඉරිසියාව කියන ජරාව හිතට එන්නෙ නෑ. ඊට පස්සෙ ලෝකෙ දකිනකොට ඒ පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගොඩක් වෙලාවට ඉරිසියාව කියන එක ඔලුවට වගේම හිතට එනව. මේක ගොඩක් තියෙනව විශ්වවිද්‍යාල ඇතුලෙ. නවක වධය දෙන කොට ඉස්කෝලෙ අහනකොට රෝයල් කිව්වොත් කියනව ඒක වැරදියි කියපන් කුරුදුවත්ත මහවිද්‍යාලය කියල. මේ තමා හීනමානය. හීනමානය තියෙන කෙනා කොහොමටත් අනුන්ට ඉරිසියා කරනව. අගමැති රනිල් කියල තිබ්බ පිටරට කැම්පස් වලට අපේ රටේ ශාඛා ආරම්භ කරන්න ආරාධනා කරනව කියල. ඕක වෙන්න ඕනෙම දෙයක් කියල අපි කිව්වෙ ගොඩක් කලෙකට ඉස්සර. ඔන්න දැන් කට්ටිය විලාප දෙයි අධ්‍යාපනය විකුණනව කියල. ඔය කෑගහන කට්ටියගෙන් 99.9% ඉංග්‍රීසි මලපොතේ අකුරක් බෑ හැබැයි ඉංග්‍රීසි කතා කරන අය එක්ක පුදුම ඉරිසියයි. තමා ඉගෙන ගන්නෙත් නෑ. හරිම පුදුම ලෝකයක් .

වැඩේ කියන්නෙ එහෙම කෑගහන ගොඩක් කට්ටියගෙ ලමයි පිටරට අධ්‍යාපනය ලබනව. සමහර අයගෙ පවුල් ඉන්නෙ පිටරට. ඒත් එගොල්ලො කතා කරන්නෙම සමානතාවය. ඔය ආකල්ප වෙනස් වෙනකම් අපිට මෙරට දියුණු කරන්න බැරිවේවි.

  • උපුල් දේවප්‍රිය facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...

දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...