නැවත සොයාගත යුතුව ඇත ….

Date:

”පින්තූරයේ සිටින අපේ තාත්තා දුටුවොත් පහත අංකයට දැනුම් දෙන්න. අවසන් වරට ඇඳ සිටියේ නිල් කමිසයක් සහ බතික් සරමකි.”

සිහිවිය
මෑතක ගත් පින්තූරයක් නොමැති බව.
පසුවුන වසර ගනනට
මුහුනේ ඉරි ඇඳී ඇත
කම්මුල් දියවී
හකු ඇට නෙරා ඇත.

කලකින් රැවුළ කපා නැත
දිනපතා සෝදන හෙයින්
සරම් කමිස දියවී ඇත.
ටෙලිවිෂනය ඉදිරිපස අසුන
කිළිටි වී
කිඳා බැස ඇත.

වදනක් දෙකක් හුවමාරු වෙනු මිස
මෑතක අප’තර ඇසුරක් තිබී නැත.
එහෙයින් මීට බොහෝ කලකට පෙර
තාත්තා නැතිවී ඇත.
ඒ බව හරියටම
වැටහුණේ අදය.

කොහේ කොතැනක හෝ
සතුටින් සිටිනවා විය හැකිය.
හතරමං හන්දියක
සිඟමන් යදිනවා විය හැකිය.
මේ ෆොටෝ එකේ ඉන්නා තාත්තා
නැවත සොයාගත යුතුව ඇත.

එහෙයින්
ඔබ ඔහු දුටුවහොත්
වහා දැන්විය යුතුය.
ගෙදර එන්නට බැහැය කිව්වත්
ආපසු ගෙනා යුතුය.

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්

කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා...

ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල 2026. ජනාධිපතිතුමාගේ විනාඩියක වියදම රුපියල් 21,000යි – දයාසිරි

ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දැඩි...

21 වැඩේ පරණද ?

මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම...