එ.ජා.ස. නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය සහ සජිත් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (21) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීම, ඊට අවශ්‍ය කරන ක්‍රමෝපායික සහ මූලෝපායික සහයෝගය ලබාගැනීම යනාදී කරුණු සම්බන්ධව විපක්ෂ නායකවරයා මෙහිදී ඇය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

සිංගර් මහත්මිය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වසර 27 ක් සේවය කර ඇති අතර දකුණු ආසියාව ඇතුළු විවිධ කලාපවල මානුෂීය ආධාර ක්ෂේත‍්‍රයට අදාළව වසර 15 කට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් ලැබූ රාජ්‍යතාන්ත‍්‍රික නියෝජිතවරියකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...