අශෝක ජයතුංග e කොළම.

Date:

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි…!

 🍎මාළිමාව පච වලටම උපන් බව විජේපාලත් ඔප්පු කිරීම…..?

 🍎 “කොමසාරිස් කෝළම” හරහා මන්ත්‍රීලා විකිණීමට  අනුබල දීම….?

🍎අමාරුවේ වැටෙන විට අද උපදෙස් දෙන අය ඇයට නැතිවනු නියතය….?

🍎රහස්පතිනි හා වටගල එකට නෑම…..?

🍎ඇමතිවරුන්ට හූ හා එළවන තැනට වැටීම…..?

🍎මුදල් සුක්කානම යළිත්  දේශපාලන පොතේ ගුරෙකුට ….?

🍎රු ට්‍රිලියන 20 ක්   අතුරුදහන් බව කියා නොදන්නාකම පෙන්වීම…?

🍎ලෝක යුද ගැටලු වලට නිර්දේශ ලබාදීමට පත්කළ විහිළුකාරයින්….?

🍎විපක්ෂ කුම්භකර්ණයන් ආණ්ඩුවට ඉල්ලමක්වීම…..?

 මාළිමාවට පළාත් පාලන වලදී ලක්ෂ 24 ක ඡන්ද නැති වූහ. ඊට බලපෑ ප්‍රධානම හේතුව කප්පරක් කයිවාරු ගැසූව ද රටට දැනෙන  වෙනසක් හෝ සංවර්දනයක් කරන්නට නොහැකිවීමය.

පළාත් පාලන පිහිටවීම මෙවැනි ගැටුම්කාරී තැනකට කිසිදා ගියේ නැත.එහිදී “කොමසාරිස් කෝළම්” රටපුරා පැතිරී පලාතෙන් පළාතට එය විවිධ ස්වරූප ගත් අතර මරාගැනිලි හූ තැබීම් ඇමති මැදිහත්වීම් හා ගැටුම් දක්වා එය ඹ්ඩු ගියේ බස්නාහිරය. ඇයගේ හැසිරීම  පක්ෂග්‍රාහී බවට හා මන්ත්‍රීලා විකිණීමට අනුබල ලැබෙන බවට සැකකල හැකි කරුණු ඔිනෑ තරම්ය. ඇය තම ආරක්ෂාව පවා උගස්කර  ක්‍රියා කරන බවට වන චෝදනා ඇය වටකල විට අද උපදෙස් දෙන කිසිවකු ඇයට නැත.රාජ්‍ය පරිපාලන මාර්ගෝපදේශ පසෙකලා තම අභිමතය මතම ක්‍රියා කරන ඇය නීති තර්ක හා රාජ්‍ය පරිපාලන පූර්වාදර්ශ තුළ හිරකර ගැනීමට විපක්ෂයට නොහැකි විය. නිදහස් ඡන්ද තිබූ හැම තැනකම විපක්ෂය ට බලය ගිය අතර රහස් ඡන්ද තිබූ තැන්වල මාළිමාව ජයගැනීම තුළ සිදුවන අකටයුතු පැහැදිලි වේ. එසේ පිහිටවූ කොළඹ පුරපතිනිය පළමු රැස්වීමේ දීම වැඩ නොදත් බව පසක් කලාය. ඇයට සමාජ මාධ්‍ය වල කියනුයේ පුරපතිනිය නොව “රහස්පතිනිය” ලෙසය. ඇයට මග පෙන්වන්නේ තමා බව වටගල කියා පැය කීපයක් තුළ පලමු රැස්වීම හබක්වීම තුළ කොළඔට වෙන දේ ගැන සිතාගත නොහැකිය.

 එකතැන පල්වීම රටට අහිතකරය.රනිල් යටතේ ඉහළ ගිය ඩොලර් සංචිත ද දැන් දෙදරමින්ය. ජනතා පීඩනය වැඩිවී සංවර්දව වේගය 05% සිට 03% ට අඩුවීම බැරෑරුම්ය. රනිල් 2048 දී රටට ගොඩ ඒමට හැකි බව කී විට සිනාසුන අය යටතේ මෙවැනි අඩු සංවර්දන වේගයකින් 2075 දීවත් රට ගොඩගත නොහැකි බව වටහා ගැනීම වැදගත්වේ.

එවකට මුදල් රාජ්‍ය ඇමති කබ්රාල්ට මහබැංකුව දුන්විට මරහඬ දුන් ජවිපෙ මුදල් සුක්කානම අත්දැකීම් නැති මුදල් නි: ඇමතිට දී තිබේ. ජවිපෙ මේවා බලු වැඩ ගානට දමා පතුරුගැසූ ඒවාය. රටේ මුදල් රු ට්‍රිලි 20 ක් අතුරුදහන් බව කියා ඔහු පච වූවෙකි. දේශපාලන නායකත්වයේ නිසි මග පෙන්වීම ද මුදල් ලේකම්ට අත්‍යවශ්‍යය. රනිල් සමයේ ආර්ථිකය ගොඩ ගියේ සිරිවර්දන සමග නම් අනුර හා සිරිවර්දන යුගයේ ආර්ථිකය ඉදිරි පිමි නොපැන්නේ ඇයිදැයි විග්‍රහ කරගත යුතුව තිබේ. තව ටික කලකින් ණය ගෙවීම ඇරඹෙන විට 08% ක වර්දන වේගයක් නොතිබුණොත් රට යන්නේ හොම්බෙන්ය.

මාළිමාව ජනපතිගේ සිට පච වලටම උපන් හපන් ය. පොලිස් ඇමති විජේපාල ද එය සනාථ කළේය. දූෂණ කමිටුවෙන්  රුපියලක් නොගත් බවට දිවුරා මැතිසබය ද නොමග යැවූ ඔහුගේ රෙදි ගැලවුනේ ගාල්ලේ පොහොට්ටු මන්ත්‍රී ගෙනි.

“මම පඩි නෙවෙයි දීමනා ගත්තා” ඔහු පිළිගත්තේය. දීමනා යනු සල්ලි නොවේදැයි මාළිමාව පැහැදිලි කිරීම වටී.

 ලොවට බලපාන යුද්ධය තුළ මතුවිය හැකි ගැටලු ගැන ආණ්ඩුවට වගේ වගක් නැත. යුද්ධයට අදාළව විදේශ අමාත්‍යාංශයට නිර්දේශ දීමට වසන්න හා සමන්ත ඇමතිලා පත්කිරීමේ විහිළුව තුළ ද එය සනාථ වේ. රටින් හාල් ඇටයක් නොගෙන්වන බව කී පිටකොටු මුදලාලි තවත් ටොන් 40,000 කට වග කියයි. රටින් ගේන්නේ කෝටි ගණන් කොමිස් වලට බව ජවිපෙ ජනතාව දැනුවත් කොට තිබීම අද පාරාවළල්ලක්ව තිබේ.

 ඇමති නලින්ද ට හා කොමසාරිස් කෝළමට බණ්ඩාරගම දී හූ කී දිනට පසුදා ධීවර ඇමති රාමලිංගම් යාපනයේදී එළවා දැමිණ. එන පොට හොද නැති බව ආණ්ඩුවේ අයට තේරෙන්නේ නැත. ඔවුන්ට රට වෙනුවෙන් වැඩ පිළිවෙලක් ද නැති නිසා සිටින්නේ උතුර දකුණ සොයාගත නොහැකි ගානටය. සජබ පොහොටිටුව එජාප සර්ව ජනබලය හා විපක්ෂයේ සියලු දෙනා කුම්භකර්ණයන් ලෙස නිදිවැදීමේ වාසිය හැර ආණ්ඩුවට වෙනත් ශක්තියක්  නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...