ඩීසල් පෙට්‍රල් නැව් ආවත් බාන්න ඩොලර් නෑ – සජබ වෘත්තීය සමිති කැඳවුම්කරු

Date:

ඩීසල් සහ පෙට්‍රල් අඩංගු නෞකා දෙකක් දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ආසන්න සාගර කලාපය වෙත පැමිණ ඇති නමුත් මේ දක්වා එම නෞකාවල තිබෙන ඉන්ධන ගොඩබෑමට තෙල් සංස්ථාවට නොහැකි වී ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. ඩොලර් අර්බුදය ඒ සඳහා බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නෞකා දෙකෙහි අඩංගු ඉන්ධන ගොඩබෑම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 52 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් කෙසේ නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එම මුදල් තවමත් නිදහස් කර නොමැති බවත් ආනන්ද පාලිත මහතා පවසනවා. මෙම තත්වය හමුවේ ඉදිරියේදී ඉන්ධන හිගයක් ඇතිවීමට ඉඩ තිබෙන බවට ඔහු අනතුරු අඟවා සිටී.

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇති අතර තෙල් පිරිපහදුව නැවත විවෘත වන්නේ ජනවාරි අග භාගයේදීය. තෙල් පිරිපහදුව වසා දැමීම නිසා සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සඳහා පිරිපහදු කළ ඉන්ධන ආනයනය කිරීමට තෙල් සංස්ථාවට සිදුව තිබේ.

මෙම නෞකා දෙකේ අඩංගු ඉන්ධන ගොඩබෑමට නොහැකි වුවහොත් ගෑස්, සහල්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පෝලිම්වල කල්ගෙවන ජනතාවට ඉන්ධන හිගයකට මුහුණදීමටද සිදුවනු ඇති බව ආනන්ද පාලිත මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...