නීතිවිරෝධී ලෙස සඟවා තබාගෙන සිටි පෙට්‍රල් ලීටර් 27,000 ක් සහ ඩීසල් ලීටර් 22,000 ක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
දිවයින පුරා සිදුකළ වැටලීම් 429 කදී මෙම ඉන්ධන තොග සොයාගෙන තිබේ.
ඉන්ධන සඟවාගෙන සිටි පුද්ගලයන් 137 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
UN