පරිසර අමාත්‍යංශයේ තවත් තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 09, කොළඹ LNW :

පරිසර අමාත්‍යංශය විසින් රජයේ ඉඩම්වල ඇති වනාන්තර රැසක් රක්ෂිත ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. සෑම දිස්ත්‍රික්කයකම එවැනි වනාන්තර ඇති බවට හදුනාගෙන ඇති බව, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේය.

හෙක්ටෙයාර් 5 හා ඊට වැඩි විශාලත්වයෙන් යුත් භූමි ප්‍රදේශවල එම වනාන්තර පවතින බවද ඔහු ප්‍රකාශ කළේ ය. මෙහිදි කඳු මුදුන්වල ඇති වනානන්තර රක්ෂිත ලෙස නම් කිරිම කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ඇත.

පළමු අදියරේදී එවැනි වනාන්තර 20ක් රක්ෂිත ලෙස නම් කිරිමට සැලසුම් කර තිබේ. වනස්පති ලෙස නම් කර ඇති එම වැඩසටහන යටතේ මොනරාගල, අම්පාර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක පිහිටි වනගත ප්‍රදේශ පළමු අදියර සඳහා තෝරාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රකාශ කළේ ය.

තවද, අදාළ වනාන්තර ප්‍රදේශවල සුරක්ෂිත බව තහවුරු කර මෙරට වනවැස්ම පුළුල් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...