*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

21 වැනි සංශෝධනයට බාධාව බැසිල් ද?

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීමේ උත්සහායක් සමග බැසිල් රාජපක්ෂ මහතා නැවතත් කරළියට පැමිණ ඇති බව වාර්තා වේ. බැසිල් රාජපක්ෂටත් අනෙක් රාජපක්ෂවරුන්ටත් අන්ධ ලෙස සහය දෙන සාගර කාරියවසම් මේ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටියි. බැසිල් රාජපක්ෂ දැන සිටිය යුතු දෙයක් ඇත. එනම් IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා විසින් අන් කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් සිදු නොකරන දෙයක් සිදු කර ඇත – ඇය සඳහන් කරන්නේ ලංකාවේ ඇතිව ඇති ආර්ථික අර්බූදයට හේතුව වන්නේ රාජපක්ෂවරුන්ගේ වැරදි කළමනාකාරීත්වය බවයි.

දින කිහිපයකට පෙර බලෙන් එලවා දමන තෙක්ම ලංකාවේ මුදල් ඇමති ලෙස කටයුතු කළේ බැසිල් ය. මීළඟ අවස්ථාවේදී ලංකාවේ පොදු ජනයා පාරට බසින විට බැසිල්ටත් ඔහුගේ පවුලේ අයටත් ලංකාවේ සිටීමටවත් නොහැකි වන තත්වයේ කාලයක් උදාවනු ඇත. ඔවුන්ව ජනතාව විසින්ම ලංකාවෙන්ම එලවා දමනු ඇත. එක අතකට බැසිල් වාසනාවන්තය – මන්දයත් ඔහුට මහින්ද රාජපක්ෂට මෙන් පළාගොස් සැඟව් සිටීමට සිදු වූයේ නැත.

මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි ක​ර 20 වැනි සංශෝධනය අහෝසි කිරීමටත් පූර්ණ කැපවීමෙන් කටයුතු කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව බැසිල් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. බැසිල්ට මොළය කලදක් වත් තිබේ නම් මේ අවස්ථාවේදී ඇමරිකාවට ගොස් යම් කලක තත්වය යහපත් හැරුණු විට හෝ තත්වය සමනය වූ විට නැවත ලංකාවට පැමිණෙනු ඇත.

බැසිල් විසින් ආණ්ඩුව හෑල්ලු කිරීමට හෝ විනාශ කිරීමට ගන්නා උත්සාහය හේතුවෙන් විනාශ වන්නේ රටේ ආර්ථිකයයි: එයත් දැනටමත් පී.බී. ජයසුන්දර වැන්නන් හේතුවෙන් හොඳටම විනාශ ව ඇත. බැසිල් රාජපක්ෂ සිතන් ඇත්තේ තමාගේ මේ ‘ගේම් එක’ දිගටම කරගෙන යාමට ඉඩදෙන තරම් ශ්‍රී ලාංකීය ජනතාව මෝඩ යැයි කියාය. නමුත් ඔහු මේ වෙලාවේ අවදානමට ලක් කරන්නේ රාජපක්ෂලාට සහ රටේ ඉතිරිව ඇති ඉතා සුළු අවස්ථාවකි. බලයට ඇති කෑදරකමට ඔහු විසින් ආර්ථිකයේ අන්තිම අවුන්සයත් විනාශ කළොත් ඔහුට කිසිදා සමාවක් ලැබෙනු නැත. කොටින්ම කියතොත් ඔහුට ඇමරිකාවේ සැඟවී සිටීමටවත් නොහැකි වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan