🍎ට්‍රම්ප් ලංකාවට කළ දේ. ඇරියා ද නැද්ද….?
🍎මහින්ද සමරසිංහ මෙහෙයුම නොවන්නට බද්ද 35% ඉක්මවන අනතුරක්….?
🍎යාබද මෙක්සිකෝවට හා යුරෝපයටත් ලංකාවේ හැන්දෙන්….?
🍎රාජපක්ෂලා අහිමිකල GSP+ රනිල් යළි ලබාගත් හැටි…..?
🍎08% වර්දනය නාවොත් රට හිරවෙන අනතුරක…?
🍎දෙමළ ඩයස්පෝරාව නැති ඩොලර් පෙන්වා මාළිමා නායකයන් ඇන්දවීම.
🍎හදුන්, තට්ට ගායක හා ටිල්වින් ලා ගේ යාළුවන් එවන ඩොලර්….?
🍎හදපු මෝචරි ඇරීම, දෙවන තට්ටුවට මුල්ගල් තැබීම හැර නව ව්‍යාපෘති නැතිවීම….?
🍎සෞඛ්‍ය තවත් පතුලට. ඖෂධ 180 ක හිගයක්. අනවසර ඖෂධ 113 ක් ගෙන්වීම හා ඉන් 50 ක් ලංකාවේ හදන ඒවාවීම….?
🍎ආරක්ෂක ප්‍රධානීන් කාදිනල්ගේ නියෝග මත පත් කිරීම….?
🍎කන්ටේනර් පිටකල මැති ඇමතිලා වෙනුවට විපක්ෂය CID කැදවන කැකිල්ලේ ක්‍රමය….?
🍎රාජ්‍ය සේවකයා බියවීම හා රට එකතැන පල්වීම…?
🍎හදුනෙත්තිගේ නොනිමි ඉංගිරිසි විකාරයෙන් රට හෑල්ලුවීම….?
[ලංකාවට අදාළ ට්‍රම්ප් ගේ බද්ද 44% සිට 30% ට අඩුවී තිබේ. එය තානාපති මහින්ද සමරසිංහ වොෂින්ටනය සමග කල දැඩි අරගලයක ප්‍රතිළුලයකි. ඔහු ගේ කැපවීම නොවන්නට බද්ද 35% ඉක්මවා යාහැකිව තිබිණ. නමුත් ගැටලුව වන්නේ කලින් 12% ට තිබුණු බද්ද 30% ට නැගීමය. අනෙක් අනතුර වන්නේ නව බද්දට කලින් තිබුණු බද්දත් එකතුවීමය. ඒ තුළ ඩො බිලි 03 ක ලංකාවේ ඇමෙරිකානු වෙළෙද පොළ සසල වන පසුබිමක් තිබේ. මෙම මෙහෙයුම මහින්ද සමරසිංහ ඇතුළු පිරිස හරහා තවදුරටත් කේවල් කිරීමේ වගකීම ආණ්ඩුව සතුය. මන්ද රාජපක්ෂ යුගයේ මානව හිමිකම් හේතුමත අහෝසි කළ යුරෝපා GSP+ සහනය යළි ලබාගැනීමට තරම් රනිල් ආණ්ඩුව එවකට ඇමතිි මහින්ද සමරසිංහලාගේ ද සහායෙන් සිදු කළේය. යාබද මෙක්සිකෝවට හා යුරෝපා සංගමයටත් 30% ක බදු පැනවින.
රට වේගයෙන් ඉදිරියට ගොස් 08% ක වර්දනයක් කරා නොගියොත් යළි ණය ගෙවීමට තිබෙන අභියෝගය බැරෑරුම් වනු නියතය. ඡන්ද වලට පෙර මාළිමාව කී සිය මිතුරන් මසකට එවන ඩො බිලියන 02 හෝ හදුන්නෙත්තිගේ හා තට්ට ගායකයාගෙ මිතුරන් එවන ඩො මිලියන ගණන එන බවක් නොපෙනේ. එමෙන්ම ඩො බිලියන 42 ත් ණයක්දැයි අනුර එදා ඇසුවේ දෙමළ ඩයස්පෝරාව ලබාදුන් ලනුවක් නිසාදැයි ප්‍රශ්න කරන අය ද සිටිති. ඔවුන් තම ඉල්ලීම් ලබා ගැනීමට නායකයන් අන්දනවා මිසක කිසිදා ලංකාවට ඩොලර් දෙන්නේ නැත. තවද ඔවුන් කියන තරමේ ඩොලර් ඔවුන් සතුව නැති බවට මාළිමාවට දැන් හෝ අවබෝදවී තිබේදැයි නොදනිමු.
අපි ආවාම රටින් හාල් පොල් හෝ වෙනත් කිසි දෙයක් ගෙන්වන්නේ නැති බව කීවද කිසිදා නොවූ ලෙස ලුනු, පොල්කිරි පවා ගෙන ඒම තුළ විදේශ විනිමය සංචිත අනතුරට පත්ව තිබේ. වාහන ගෙන්වීම ද රටට බරක් වනු පෙනේ. සාමාන්‍ය මිනිහාට ගත හැකි කිසිදු වාහනයක් නැත.රටට එන්නේ කෝට්පතියන් යනෙන වාහනය.හොර රනිල් 2018 දී ලක්ෂ 74 ට දුන් හොන්ඩා වෙසල් එක අවංක අනුර දැන් දෙන්නේ ලක්ෂ 250 ටය. ජපානයේ නිෂ්පාදනය කරන පිරිවැයටත් වැඩි මිලක් ලංකා ආණ්ඩුව බදු ලෙස ගැනීම දැඩි ව්‍යාකූලතාවකි. කජු නරියා ඉතිරිකල ඩො බිලි 06 ට අධික මුදල පසුගිය මාසයේ ඩො මිලි 203 කින් අඩුවූ බව මහබැංකු වාර්තා කියයි.
රටතුළ කිසිදු නව සංවර්ධන ව්‍යාපෘතියක් නව නිෂ්පාදනයක් අපනයනයක් ඇරඔී නැත. රාජ්‍ය නිළධාරීන්ට කෙරෙන දැඩි බලපෑම් තුළ ඔවුන් කිසිදු වැඩක් කරන්නේ නැත. සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍රය හබක්ය. ගිය රජය කාලේ බෙහෙත් 50 ක් හිගවූ විට රට දෙවනත් කල පිරිස යටතේ බෙහෙත් 180 ක් හිග බව කියවේ. තමන් මියයන්නේ බෙහෙත් නැතුව බව රෝගීන් දන්නේ නැති බව වෛද්‍ය චමල් සංජීව කීම සංවේදී කරුණකි. තවද ලියාපදිංචි නොකල බෙහෙත් 113 ක් ගෙන්වීමට මාළිමාව ක්‍රියා කරන බව හා ඉන් ඖෂධ 50 ක් ලංකාවේ හදන ඒවාවීමත් පුනරුදය මේ රට ගෙනියන්නේ මොන කනත්තටදැයි තේරුම් ගන්නට අසීරු නැත.
තවද ආරක්ෂක අංශ ප්‍රධානීන් පත්කළේ කාදිනල්ගේ මතය තුළ බව සභානායක ප්‍රකාශ කිරීමත් කන්ටේනර් පිටකල මැති ඇමතිලා හා නිළධාරීන් ප්‍රශ්න නොකර විපක්ෂය CID කැදවීමේ කැකිල්ලේ විහිළුව මෙන්ම හදුනෙත්තිගේ විකාර ඉංගිරිසි රට ජාත්‍යන්තරව හෑල්ලු කිරීම ද ඉදිවු පාසලක දෙවන තට්ටුවට මුල්ගල තැබීම ද අමුතු තාලේ ඒවාය.
