ඇනගත්තේ පොහොර තහනමෙන්. රසායනික පොහොර වකුගඩුවලට බලපානවා කියන්නෙ අමූලික බොරුවක් – දයාසිරි

0
675

රසායනික පොහොර නිසා වකුගඩුවලට බලපෑමක් සිදුවන්නේය යන්න අමූලික බොරුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

“තාම මට නම් හූ කිව්වෙ නෑ කොහෙදිවත්. මිනිස්සුන්ට නිහතමානී වෙනවා නම් මං හිතන්නෙ නෑ කවුරුත් අපට හූ කියයි කියලා. මහන්තත්තකමෙන්, උද්දච්ඡකමෙන් ඉන්න ගියොත් වැඩිකල් යන්න කලින් හූවක් තමයි අපට කන්න වෙන්නෙ.

රසායනික පොහොර නැවැත්වීම තුළින් තමයි අපි මුළු රටම දැන් ඇනගෙන ඉන්නෙ. රසායනික පොහොර වකුගඩුවලට බලපානවායි කියන්නෙ අමූලික බොරුවක්, මම බොහොම අවංකවම කියන්නෙ. ඊළඟට මේ ගෑස් අර්බුදය, ගෑස් අර්බුදයට වගකියන්න ඕනෙ මිනිස්සු එල්ලන්න ඕනෙ හරිනම්”

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here