ඇනගත්තේ පොහොර තහනමෙන්. රසායනික පොහොර වකුගඩුවලට බලපානවා කියන්නෙ අමූලික බොරුවක් – දයාසිරි

Date:

රසායනික පොහොර නිසා වකුගඩුවලට බලපෑමක් සිදුවන්නේය යන්න අමූලික බොරුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

“තාම මට නම් හූ කිව්වෙ නෑ කොහෙදිවත්. මිනිස්සුන්ට නිහතමානී වෙනවා නම් මං හිතන්නෙ නෑ කවුරුත් අපට හූ කියයි කියලා. මහන්තත්තකමෙන්, උද්දච්ඡකමෙන් ඉන්න ගියොත් වැඩිකල් යන්න කලින් හූවක් තමයි අපට කන්න වෙන්නෙ.

රසායනික පොහොර නැවැත්වීම තුළින් තමයි අපි මුළු රටම දැන් ඇනගෙන ඉන්නෙ. රසායනික පොහොර වකුගඩුවලට බලපානවායි කියන්නෙ අමූලික බොරුවක්, මම බොහොම අවංකවම කියන්නෙ. ඊළඟට මේ ගෑස් අර්බුදය, ගෑස් අර්බුදයට වගකියන්න ඕනෙ මිනිස්සු එල්ලන්න ඕනෙ හරිනම්”

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...