තරගයේ දෙවන ඉණිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් පෙරට එයි.

නිශ්මං රණසිංහ ජූලි 17, කොළඹ LNW:

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් ප්‍රථම ඉණිමේ දී පළ කළ පිතිකරණ දුර්වලතාවලින් අත් මිදී විශිෂ්ඨ පිතිකරණයක නියැලෙමින් ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායමට එරෙහිව පැවති පළමු සිව්දින තරගය ජය පරාජයෙන් තොරව කෙළවර කර ගන්නට සමත් විය.ශ්‍රී ලංකාව පළමු ඉණිමේ දී ලකුණු 272 ට සීමා කරන්නට සමත් වූ ඔස්ට්‍රේලියාන් ඒ කණ්ඩායම ලකුණු 486 ක් රැස් කරමින් ප්‍රබල අභියෝගයක් එල්ල කළත් ශ්‍රී ලංකා දෙවන ඉණිම නුවනිඳු ප්‍රනාන්දු නොදැවී රැස් කළ ශතකය (104) පදනම් කරගෙන කඩුලු 3 ක් දැවී ලකුණු 280 ක් රැස් කරන්නට සමත් වුණා.


ලහිරු උදාර දෙවන ඉණිමේදී ද තරමක් වේගවත් ආරම්භයක් ලබා ගන්නට උත්සාහ කළ ද,පන්දු 15 දී ලකුණු 17 ක් ලබා සිටියදී ඔහු දැවී ගියේය.කමිෂ් මිෂාරට ද දිගු ඉණිමක් දියත් කරන්නට හැකියාව නොලැබුණු බැවින් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 60 ක් ව තිබියදී දැවී ගොස් තිබිණ.ලකුණු 24 දි පළමු කඩුල්ල දැවී යාමෙන් පසුව පිටියට පිවිසි නුවනිඳු තෙවන කඩුල්ල සඳහා ලකුණු 113 ක සබදතාවයක් පැවත්වීය.ඊට පසිඳු සූරියබණ්ඩාර නායකත්වයේ වගකීම ඉටු කරමින් එකතු කරන ලද ලකුණු 56 ක් ඇතුළත් විය.ඉනික්බිති සිව්වන කඩුල්ලට ද නුවනිදු තවත් ලාංකේය ක්‍රිකට් අනාගත බලාපොරොත්තුවක් වන පවන් රත්නායක (නොදැවී 56) සමඟ නොබිඳි ලකුණු 107 ක සබඳතාවයක් පැවත්විය.


නුවනිඳු මෙන්ම පසිඳු සූරියබණ්ඩාර සට පවන් රත්නායකගේ පිතිහරඹය නිසා තරගය ඔස්ට්‍රේලියාව දෙසට නැමී තිබීම වෙනස් කර ගැනීමට හැකි විය.දෙවන ඉණිමේදී එම තිදෙනාද පළමු ඉණිමේදී නොදැවී ශතකයක් ලබා ගනිමින් නොනැවතී ඔස්ට්‍රේලියානු කඩුලු 4 ට ද වග කියූ සොනාල් දිනූෂ ද මෙම තරගයේ දී දැක් වූ දස්කම් නිසා ශ්‍රී ලංකාවට මේ තරගය ගෞරවණීය අවසානයක් කරා ගෙන යන්නට හැකි විය.
තරගයේ සමස්ත ලකුණු පූවරුවට මෙතනින් පිවිසිය හැකිය. https://bit.ly/40PMsfC
ඡායාරූපයේ දැක්වෙන්නේ නුවනිඳු ප්‍රනාන්දු ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...