අගමැතිගෙන් කමිටු පිට කමිටු – ඒත් ජනතා ගැටලු එහෙමමයි

Date:

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. මෙම කමිටුව සඳහා විශේෂ බලතල ද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු භාණ්ඩාගාර ලේකම් ආර්.එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්ත මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය ෂර්මිනි කුරේ, ශාන්ත ඩැනියෙල් යන මහත්ම මහත්මීන් කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

මීට අමතරව ඩිෂෙල් ඩි මෙල්, ආචාර්ය සරත් රාජපතිරණ, දිනේෂ් වීරක්කොඩි, අනුෂ්කා විජේසිංහ, ඩැනියෙල් අල්පොන්සෝ, ඩිෂ්නි වීරකෝන් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා උපදෙස් ලබාදීමේ කමිටුව නියෝජනය කරයි.

අගමැතිවරයා දිවුරුම් දුන් වහාම ඉන්ධන ගැටලුව, අත්‍යවශ්‍ය ඖෂධ ගැටලුව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැටලුව ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුද සමනය කිරීම සඳහා කමිටු කිහිපයක් පත්කළ අතර කෙසේ නමුත් තවමත් කිසිදු අර්බුදයක් සමනය කිරීමට එම කමිටු සඳහා පත්කළ පුද්ගලයන් අසමත් වී තිබේ.

කමිටු පිට කමිටු පත් කරමින් අර්බුද මගහැර යාම රනිල් වික්‍රමසිංහ මහතාට ආවේණික ලක්ෂණයක් වන අතර දැඩි පීඩනයක සිටින ජනතාව අගමැතිවරයාගේ කමිටු පත් කිරීම කෙසේ බාරගනු ඇද්ද යන්න ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...