පොහොර ගැන ගත් තීරණයෙන් සහල් වලට වෙච්ච දේ – ඇමති අමරවීරටත් පිළිගන්න වුණ ඇත්ත!

Date:

රට තුළ සහල් හිඟයක් ඇති අතර මෙම වසරේදී විශාල ප්‍රමාණයක් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අද (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

“සහල්වල හිඟයක් තියෙනවා. දැනට වෙළෙඳ ඇමතිතුමා සහල් ආනයනය කරන්න කටයුතු කරනවා. මෙම වර්ෂයට විශාල ප්‍රමාණයේ සහල් ගෙන ඒමේ අවශ්‍යතාවයක් තියෙනවා” යනුවෙනුයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.

කෙසේ වෙතත් ලබන වසරේ සිට සහල් ආනයනය කිරීම නවතා මෙරටට අවශ්‍ය සහල් රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සැලැසුම මේ වන විටත් සකස් කරමින් සිටින බවයි අමරවීර මහතා කියාසිටියේ.

මේ වන විටත් සහල් මෙට්‍රික්ටොන් 338,000ක් ආනයන කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මේ අතර වී අලෙවි මණ්ඩලය සතුව දැනට ඇති මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණයෙන් සහල් ලබා ගෙන එය ස.තො.ස. සහ සුපිරි වෙළෙඳසල් හරහා ලබා දීමට කටයුතු කරන බවයි අමරවීර මහතා ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...