Update 01: දුමින්දගේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ටිරාන් සහ රේනෝ අතර සාකච්ජාවක්!

Date:

දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසු ඉදිරියේදී ගත යුතු ක්‍රියාමර්ග ගැන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දුමින්ද සිල්වාගේ සොහොයුරු හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මහතා අතර සාකච්ජාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

වාර්තා වන පරිදි මේ වන විට දුමින්ද සිල්වා විදෙස් ගතව සිටින හෙයින් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සමඟ කෙසේ ඉදිරි ක්‍රියාමර්ග ගත යුතුද යන්න පිළිබඳවයි එහිදී සාකච්ජා කර ඇත්තේ.

දුමින්ද සිල්වාට ලබා දී තිබුණු ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අත්හිටුවීමෙන් පසු යළිත් ඔහුට පනවා තිබුණු දඬුවම ක්‍රියාත්මක වන හෙයින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ජනාධිපති සමාව ලබා දීම අභියෝගයට ලක්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර අවසන් වන තෙක් දුමින්ද සිල්වාට ලබා දී තිබූ දඬුවම ක්‍රියාත්මක වනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...