හෙට (27) දින මාලදිවයිනට විශේෂ දිනයක්!

රෂිකා හෙන්නායක ජූලි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හෙට (27) දින මාලදිවයිනට විශේෂ දිනයක් වේ.

ඒ, 60 වන නිදහස් දිනය සැමරීමට සූදානමින් සිටින බැවිණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඒ සඳහා පැවැත්වෙන ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව සිය බ්‍රිතාන්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනට පැමිණි බව සඳහන් වේ..

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ඉන්දියා-මාලදිවයිනේ ආරක්ෂක හවුල්කාරිත්වයේ ප්‍රගතිය තක්සේරු කිරීම මෙම සංචාරයේ අරමුණයි.

මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු හමුවීමට ද නියමිතයි.

අගමැති මෝදි සහ ජනාධිපති මුයිසු විසින් ‘පුළුල් ආර්ථික සහ සමුද්‍රීය ආරක්ෂක හවුල්කාරිත්වයක්’ සඳහා වන ඉන්දු-මාලදිවයින ඒකාබද්ධ දැක්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...

ශිරන්ති අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ කණ්ඩායමක් නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...