අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW :

පසුගිය කාලය පුරාවට දිවයිනේ නන් දෙසින් අලි ඇතුන් ඝාතන සිද්ධි වාර්තා විය. ඉතා කණගාටුදායක ලෙස ශීඝ්‍රයෙන් මියැදීමට ලක්වෙන මෙම අලි ඇතුන් ඝහනය ඉතා නුදුරු දිනකදී වදවීමේ තර්ජනයකට ගොඳුරුව ඇත.

මේ අනුව, වෙඩි තබා සහ විදුලිය සැර වද්දවා දළ ඇතුන් මරා දැමීමේ සිද්ධීන් වලට අදාළව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පමණක් දැනට නඩු හතරක් විභාග වෙමින් පවතින අතර, තවත් දළ ඇතෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියකට අදාළ තවත් නඩුවක් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවද වාර්තා වේ.

තවද, කැබිතිගොල්ලෑව සහ මහව මහේස්ත්‍රාත් අධිකරණ දෙකෙහි ද දළ ඇතුන් වෙඩි තබා මරා දැමීමේ සිද්ධීන්වලට අදාළ තවත් නඩු දෙක් විභාග වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව දැනට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින්නේ බරණ, රේවත සහ දීග දන්තු සහ සුමේධ යන නම්වලින් හඳුන්වන දළ ඇතුන් ඝාතනය කිරීමේ අපරාධවලට අදාළ නඩු හතර බව සඳහන් වේ.

ඊට අමතරව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින්නේ යුනිකෝන් නමින් හඳුන්වන දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට අදාළ නඩුවක් වන අතර කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින්නේ මහේශාඛ්‍ය නමින් හඳුන්වන දළ ඇතාට වෙඩි තබා බිම වැටී පණ පිටින් සිටියදී පොරවකින් එක් දළක් කපා රැගෙන යාමෙන් පසුව එම ඇතා මිය යාමේ සිද්ධියට අදළ නඩුව වේ.

මේ අතර ආසන්නම සිද්ධිය වු භාතිය නමින් හඳුන්වන ඇතාට වෙඩි තැබීම නිසා මාස දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලබා පසුව මිය යාමේ සිද්ධියට අදාළ නඩුව විභාග වෙමින් පවතින්නේ මහව මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

බරණ, රේවත සහ දීග දන්තු සහ සුමේධ යන නම්වලින් හඳුන්වන ඇතුන් ඝාතනය කිරීමේ සිද්ධීන්වලට අදාළව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවලට ඇතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අතරමැදි පාර්ශවයන් ලෙස කටයුතු කරන්නේ පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් සභාපතීත්වය හොබවන වන සතුන්ට සහ ස්වභාව ධර්මයට යුක්තිය උදෙසා සංවිධානයයි.

ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජිතවරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා පෙනී සිටින බව පැවසේ.

පැමිණිළි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේ ගල්කිරියාගම, මින්නේරිය, මැදවච්චිය සහ මහව වනජීවි කාර්යාලවල වනජීවි නිලධාරීන් වේ.

කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර, හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුමින්දා ප්‍රශස්ති කරුණාරත්න, කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් නිමේෂිකා පටබැදිගේ සහ මහව මහේස්ත්‍රාත් කංචනී නර්ථනී අභිමානි සෙනවිරත්න යන මහත්මීන් විසින් මෙම නඩු විභාග කරනු ලබන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...