මඤ්ඤොක්කා කකා ඉන්නවද වෙන රටකට චුත වෙනවද ? – මහේෂ් හපුගොඩ

Date:

පාස්පෝට් පෝලිම් වැඩි වෙලාලු. කට්ටියම දැන් යන්න යනවලු. එයාපෝට් ඩිපාචර් ලෝන්ජ් එකේ කට්ටිය සූ ගාලලු. තෙල් පෝලිම්වල සෙනග නැත්තේ එයාල පාස්පෝට් පෝලිම්වලට ගිහින් නිසාලු.

මෙහෙ බැලූ තෙක් මානේ ජීවිතයක් පේන්නේ නැති නිසා කට්ටිය යන එක ගැන මගේ අමනාපයක් නැහැ. යන උන් ඩොලර් ආපහු එව්වා උනත් නැති උනත් කමක් නැහැ ඔන්න ඔය යන එවුන්ට යන්න දෙන්න. යන තැනක උන් කාල බීල හරි ඉන්නේ නැතෑ.

1978 පස්සේ අපි ජීවත් උනේ විවෘත වෙළඳ ආර්ථිකයක. ඌන සංවර්ධිත විදියට හරි අපි ජීවත් වෙච්ච විදියක් තිබ්බ. ඒක පොඩි ලයිෆ් ස්ටයිල් එකක්. 1978 පස්සේ ලංකාව යූඑන්පී කියල කියන්නේ මෙන්න මේ නිසා වෙන්න ඇති. 78 න් පස්සේ මොන පක්ෂේ ආවත් මේ ලයිෆ් ස්ටයිල් එක ඩිස්ටබ් කළේ නැහැ. අන්තිමට ‘සෞභාග්‍ය’ විසින් කරන කල්.

තනිකරම කැලේ හිටපු එකෙක් නෙවෙයි නම් හැම කෙනෙක් ම වගේ ෆ්‍රයිඩ් රයිස් එකක් කෑව. කොකා කෝල එකක් බිව්වා. පීසා එකක් කෑව. KFC ගියා. ඔඩෙල් යන්න බැරි කෙනෙක් තිලකවර්ධන හරි ගියා. ඩෙනිමක් ඇන්ද. ඔරැකල් ඩේට බේස් නැති උණත් ඩරාස් හරි ඌබර් හරි ඕඩර් කරලා මොනවා හරි දෙයක් එදිනෙදා පැවැත්මට එක්කර ගත්ත. පොතක් පතක් ගත්ත. ෆිල්ම් එකක් බැලුව. සාමාන්‍ය මිඩ්ල් ක්ලාස් කෙනෙක් නම් කොහේ හරි රටකට උනත් ගිහින් ආව. බයික් එකක් හරි ගෙදර තිබ්බ.

මම මේ කියන්නේ සාමාන්‍ය මිනිහෙක් ගැන. තනි කැලේ හෝ තනි බුර්ෂුවා ප්‍රවර්ගය ගැන නෙවෙයි. බහුතර සංක්‍රාන්ති පංතිය ගැන.

KFC එක – මොබයිල් ෆෝන් එක – ඩයලොග් ඇන්ටනාව – ස්කුටි පෙප් එක – ඩෙනිම් එක – ලේටස්ට් ෆිල්ම් එක – බොලිවුඩ් එක ඔක්කොම එකට සෙට් වෙලා තිබ්බේ.

ඒ හිටපු තැනින් තමයි අද අපි මඤ්ඤොක්කා හිටවන තැනට ආවේ. පොල්කටු ඉස්තිරික්කෙට ආවේ. දර ළිපට ආවේ.

මම කියන්නේ මඤ්ඤොක්කා හිටවන එක හරි කන එක හරි පහත් දෙයක් කියල නෙවෙයි. හැබැයි අපි ඒ එක දුෂ්කර යුගයක් පසුකරලා මෙතෙන්ට ආවේ ආයෙත් මේ විදියට එතෙන්ට යන්න නෙවෙයි.

මිනිහෙක් දවල්ට කන්නේ මඤ්ඤොක්කාද පීසා ද කියන එක සම්පුර්ණයෙන් එයාගේ තේරීමක්. සම්පුර්ණ නිදහස තියනවා ඒ වරණය වෙනුවෙන්. හැබැයි අපි මඤ්ඤොක්කා කන්නේ පීසා රටින් ගිහිල්ල නිසා නම් එතන තියනවා ප්‍රශ්නයක්. විවෘත වෙළඳපළ ගැන ප්‍රශ්නයක්. පැවැත්ම ගැන ප්‍රශ්නයක්. සාත් කියනවා වගේ තේරීම ගැන ප්‍රශ්නයක් කියන්නේ පැවැත්මේ කේන්ද්‍රීය තත්වයක්.

පාවාදෙන්න හරි භක්තිමත් වෙන්න හරි මිනිසා කරන තේරීම විසින් තමයි මිනිසා මිනිසා බවට පත් කරන්නේ.

ඉතිං පාවාදෙන්න හරි භක්තිමත් වෙන්න හරි අපි ඉදිරියේ තියෙන්නේ මඤ්ඤොක්කා විතරක් නම් එහෙම පැවැත්මක් එක්ක ඉන්නවා වෙනුවට මෙහෙන් චුත වෙන එක හොඳයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...