ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඊයේ දිනය වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 124 සීමාව ඉක්මවා ගොස් ඇත.
පසුගිය මාසයක පමණ කාලය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සිදු වූ අතර ඒ අනුව දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්ද ඉහළ යාම සිදුකෙරුණි.
කෙසේවෙතත් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන් ද ඉහළ යාම මිල සූත්‍රයට අනුව සිදුවන බව විෂය භාර අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන හෙයින් මෙම මාසය තුළදීද ඉන්ධන මිල යළි වැඩිවීමක් සිදුවිය හැකිය.
ASK