යුක්රේන සටන ජයගන්න කලින් පුටින් පිළිකාවට පරාද වෙයිද ? ඇස් පෙනීමත් දුර්වලයිලු !

Date:

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සෞඛ්‍ය තත්වය බරපතල ලෙස පිරිහෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ ‘දි ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පත වාර්තා කරනවා. පුටින් මේ වනවිට දරුණු පිළිකා රෝගයකින් පෙළෙමින් සිටින අතර පිළිකාව ඔහුගේ ශරීරය පුරා පැතිර ගොස් ඇති බවයි ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තා කරන්නේ.

මීට අමතරව පුටින්ගේ ඇස් පෙනීම බරපතල ලෙස දුර්වල වී ඇති අතර දරුණු හිසරදයකින්ද ඔහු පීඩා විඳිමින් සිටී. මීට අමතරව රුසියානු නායකයාගේ සිහි කල්පනාවද දුර්වල වෙමින් තිබේ.

හිටපු රුසියානු බුද්ධි අංශ නිළධාරියෙකු වන බොරිස් කාර්පිචොව් හරහා ලබාගත් තොරතුරු මත ඉන්ඩිපෙන්ඩන්ට් මෙම අනාවරණය සිදු කරයි. රුසියාවෙන් පළාගිය හිටපු බුද්ධි අංශ නිළධාරියා මේ වනවිට ලන්ඩන් නගරයේ රැඳී සිටී.

කාර්පිචොව් පවසා තිබෙන්නේ පුටින් සම්බන්ධයෙන් රහස් රැසක් තමා සතුව තිබෙන බවයි.

මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන පුටින් දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳින බව මීට පෙරද බටහිර මාධ්‍ය වාර්තා කර තිබිණි. පුටින් රෝගියෙකු බව තහවුරු කිරීම සඳහා ඡායාරූප කිහිපයක්ද බටහිර මාධ්‍ය පළකර තිබිණි.

කෙසේ නමුත් රුසියානු බළධාරීන් පවසන්නේ පුටින් තවමත් පූර්ණ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි. ඔහුට කිසිදු රෝගී තත්වයක් නොමැති බවත්, තවත් බොහෝ කලක් පුටින් රුසියාවට නායකත්වය ලබාදෙනු ඇති බවත් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් අවධාරණය කරනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේදී 70 වැනි වියට පත් වූ පුටින් නිරෝගීව සිටින බව තහවුරු කිරීම සඳහා රුසියානු රාජ්‍ය මාධ්‍ය දැඩි උත්සාහයක් ගනිමින් සිටින අතර දෛනිකව ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටින ඡායාරූප පවා ප්‍රසිද්ධ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර කුමාරටත් සිහිනයක් තියෙන්න ඇති. මටත් අවස්ථාව ලැබුණොත් ජනාධිපතිවරණයට එනවා – නවින්

කොළඹ LNW:ජනාධිපති ධූරය වෙනුවෙන් තමන්ට සුදුසුකම් ඇති බවට විශ්වාස...

ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීමේ සැලස්මක්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සුදාට එරෙහිව වාරණ නියෝගයක් !

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව...

Radoslav Cernicky ඇහෙන්, දකිමු ලෝකයක්!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW): 2019 සෝනි ලෝක...