ජනපති අනුර තවත් විදේශ සංචාරයකට

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) මාලදිවයින බලා පිටව ගොස් තිබේ.

මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරතවීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බව සඳහන්.

එමෙන්ම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ව්‍යාපාරික සංසදයක් ඇමතීමට සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමට ද නියමිත ය.

ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්වීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...