ජනපති අනුර තවත් විදේශ සංචාරයකට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) මාලදිවයින බලා පිටව ගොස් තිබේ.

මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරතවීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බව සඳහන්.

එමෙන්ම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ව්‍යාපාරික සංසදයක් ඇමතීමට සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමට ද නියමිත ය.

ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්වීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...