බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW:

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීමට එම නඩුව ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. ඒ , දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බව වාර්තා වේ.

අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීමත් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා මෙම නියෝගය නිකුත් කර ඇති අතර, විත්තිකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු හෙළි වී තිබෙන නිසා ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට අවසර දෙන ලෙස අල්ලස් කොමිසම ඉල්ලීම් කර ඇත. ඒ අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයාට විරුද්ධව මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇත්තේ, 2006 වසරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලන්ඩන් නුවර සංවිධානය කළ ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට සහභාගි වී හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් භාණ්ඩාගාර රෙගුලාසිවලට පටහැනිව ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම තුළින් අල්ලස් පනතේ “දූෂණය” නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...