එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සෙනසුරාදා දිනවල දී කොන්සියුලර් සේවා ආරම්භ කරයි.

0
745

එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සහ බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාවගේ පහසුව සඳහා, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2022 ජුනි 11 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙනසුරාදා දිනවල දී කොන්සියුලර් සේවා සැපයීම සඳහා කටයුතු යොදා ඇත.
රැකියා සම්බන්ධ හෝ වෙනත් හේතූන් මත සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල තම කොන්සියුලර් අවශ්‍යතා සඳහා මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් අංශයට පැමිණීමට නොහැකි වන අයගේ පහසුව පිණිස මෙම සේවාව විශේෂයෙන්ම හඳුන්වා දී ඇත.

සෙනසුරාදා දිනවල දී කොන්සියුලර් අංශයට පැමිණීමට අපේක්ෂා කරන අයද https://hclappointments.embassyonline.lk සබැඳිය ඔස්සේ අන්තර්ජාලය හරහා කල්තබා වේලාවක් වෙන්කර ගන්නා ලෙස මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටී.