බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවල් මැද දුමින්ද තවමත් ජ’පුර රෝහලේ !

Date:

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා තවදුරටත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු රඳවා සිටින බවයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම හිමි වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති සමාව යටතේ ඔහුව නිදහස් කෙරිණි.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ඇගේ මව ඇතුළු පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළේය. එම පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති සමාව යටතේ දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමේ තීරණයට තහනම් නියෝගයක් නිකුත් කළ අතර දුමින්ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කිරීමත් සමග දුමින්ද සිල්වා මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් මගින් ඔහුව අත්අඩංගුවට ගැනිණි.

දුමින්ද සිල්වා මහතා අපස්මාර රෝගී තත්වයෙන් පෙළෙන බවයි වාර්තා වී තිබුණේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක ජූලි 27 කොළඹ LNW : ශ්‍රී ලංකා...

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගෙන් ඉල්ලීමක්!

ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් දායදය ලත් ථේරවාද බෞද්ධ...

විශිෂ්ට දරුවන් ඇගයීම අද (27) නැගෙනහිරදී…

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මඩකලපුව, ස්වාමි විපුලානන්ද...