අනුර – චීන තානාපති හමුවක්. පක්ෂ අතර සහයෝගීතාව වර්ධනයට අවධානය (photos)

0
1801

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ පැවැත්වී තිබේ.

ඒ, ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ය.

රටේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර පක්ෂ අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු කෙරී ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ නිලධාරින් දෙදෙනෙකු ද සහභාගී වී ඇත.

RN