රිෂාඩ් බදූර්දීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ….

Date:

හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 05 වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් අද (03) නියම කළේය.

විල්පත්තු, කල්ලාරු ප්‍රදේශයේ නැවත පදිංචිකිරීම් සඳහා කැලෑ හෙළිපෙහෙළි කරන ලද ප්‍රදේශවල යළි ගස් සිටුවීමට නියම කරමින් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර ඇති තීන්දුව අවලංගු කරන ලෙස රිෂාඩ් බදූර්දීන් මහතා මෙම පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර එහිදී ලබන සැප්තැම්බර් 05 වනදා පෙත්සම යළි කැඳවීමට නියෝග කෙරිණි. එමෙන්ම අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම අභියාචනය බාධාවක් නොවන බවත් විනිසුරු මඬුල්ල සඳහන් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...