ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක් …

Date:

ගෝල්ෆේස් පිටියෙහි විරෝධතාවයෙහි නියැළෙන අරගලකරුවන් විසින් අද (04) දිනයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව රතිඳු සේනාරත්න (රැට්ටා), නිමේෂා දෙව්මිණි, දිනෝමි දෙව්සිඳු, ශේෂානි ජයවර්ධන, මැල්කම් නිකලස්, දිනේෂ් ප්‍රනාන්දු සහ වෙනත් අයට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව ඔවුන්ට NSA වටරවුමේ සිට චෛත්‍ය පාර, ජනාධිපති මාවත, සෙරමික් හන්දියේ සිට යෝර්ක් වීදිය, ලේඩි බැස්ටියන් මාවත දක්වාත් මුදලිගේ මාවත, රෝහල් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත, චැතම් වීදිය සහ කැනල් පාර යන මාර්ගවලට පිවිසීම හෝ අවහිර කිරීම වළක්වමින් මෙම නියෝගය නිකුත් කර තිබේ. එමෙන්ම ඉහත මාර්ගවල සහ ඒවායේ ගමන් ගන්නා ජනතාවට, වාහනවලට හා මාර්ග දෙපස පදික වේදිකාවලට අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්වීම ද වළක්වා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...