ඉන්දියාවේ ඇතිවූ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් 100දෙනෙකු අතුරුදන්(Video)

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ හිමාල ප්‍රදේශයෙන් උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ ධරාලි සංචාරක කලාපයේ ඇතිවූ හදිසි මඩ සහිත ගංවතුර තත්වයක් හේතුවෙන් සිවු දෙනෙකු මියගොස් 100 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ඉන්දීය හමුදාව ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන අතර 20 දෙනෙකු පමණ බේරාගෙන තිබේ.

මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවට විශ්වාස කරන අතර නගරයේ කොටසක් ගැඹුරු සුන්බුන් වලින් වැසී ඇති අතර ඇතැම් ස්ථානවල නිවාසවල වහලවල් මත මඩ ගසාගෙන ගොස් ඇත තිබේ.

මෙම ප්‍රදේශයෙන් ගංවතුර සහ නායයෑම් බහුලව දක්නට ලැබෙන අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශය සඳහා රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබිණ.

අනතුරට පත් පුද්ගලයන් වෙනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ශෝකය ප්‍රකශ කර ඇති අතර විපතට පත් වුවන් බේරා ගැනීම සඳහා සියලු පියවර අනුගමනය කරන ලෙස ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...