BYD වාහන ආනයනයේදී මතුව ඇති බදු ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි ! (VIDEO)

Date:

වාහන ආනයනයේදී බදු අය කර ගැනීම විවිධ පාර්ශ්වයන්ගේ වුවමනා ඉටු වන සේ සංකීර්ණ ලෙස සකස් ව තිබීම නිසා බදු දැලෙන් රිංගමින් ආනයනික බදු පැහැර හැරීම දිගින් දිගටම සිදුවන බවට ආර්ථික විශේෂඥයන් සේම සමගි ජන බලවේගයේ ද මතය බවත් සරල හා විනිවිදභාවයෙන් යුතු වාහන ආනයන බදු ක්‍රමයක් හඳුන්වා දීම දිනෙන් දින ප්‍රමාද වීම නිසා රජයේ ආදායම අහිමි වී අසමතුලිත වෙළෙදපොළ තරගයක් නිර්මාණය වී පාරිභෝගිකයා ද දැඩි අපහසුතාවට පත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වාහන ආනයනයේදී මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමිනි.

ආනයනික විද්‍යුත් වාහනවලට බදු අය කරන්නේ එම වාහනවල උපරිම ධාරිතාව මත ද නැතිනම් ශ්‍රේණිගත ධාරිතාව මත ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඊට අමතරව ඇති නිර්ණායක මෙන්ම එම සීමා මත පැනවෙන බදු වෙන වෙනම ඉදිරිපත් කරන ලෙසත් භාවිත කරන ලද හෝ නවතම BYD විද්‍යුත් වාහන මෙරටට ආනයනය කරන ආයතන විසින් එම වාහන නිෂ්කාෂණය කිරීමේ දී බදු ගෙවා ඇත්තේ කුමන ධාරිතාවක් මත ද යන්න ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකාවට BYD දේශීය නියෝජිත ආයතනය විසින් ආනයනය කරන ATT3 හා අනෙකුත් විද්‍යුත් වාහනයක වාර්තා කර ඇති උපරිම ධාරිතාව හා ශ්‍රේණිගත ධාරිතාව ඉදිරිපත් කරන ලෙසත් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති විද්‍යුත් වාහනවල සැබෑ ධාරිතාව හදුනා ගැනීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හරියාකාරම ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම නිසා එක් වාහනයකින් බදු ආදායම රු. ලක්ෂ 40ක් හෝ 45ක් අහිමි වන බවත් බදු අය කිරීමේ ව්‍යාකූලත්වය මත කොපමණ වාහන සංඛ්‍යාවක් රේගුවේ සිරවී ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම බදු ව්‍යාකූලත්වය සදහා විසදුම් ලැබෙන තුරු මේවා රේගුවේම තියා ගන්නවාද නැත්නම් රජය ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ නිසා රජයට අහිමි වූ බදු ආදායමත් එයට වගකිවයුතු පාර්ශ්වයන් සහ ඒ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ රදවා ගත් වාහන බදුවල වෙනසකට වටිනාකමට බැංකු ඇපකරයක් තබා එම වාහන නිදහස් කර ගන්නට හදනවා යැයි වාර්තා වන බවත් වරදක් සිදුව ඇත්නම් අහිමිවන බදු ආදායම නැවත ලබා ගත යුතු බවයි.

මේ ගැටලුව තුළින් ඉගෙනුම් ලබා වාහන ආනයනය සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනය රජය සතු යෝජනා විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ ලෝකයේ දියුණු රටවල රටවලට හානි නොවන සූත්‍ර ඇති බැවින් එවායින් පාඩම් ඉගෙන ගෙන අප ද කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැප බස් නැව් ගණන් ලංකාවට බැස්සවූ කොලු ව්‍යවසායකයා නිකිත…..!

අශෝක ජයතුංග වොෂින්ටන් DC LNW : 🍎සැප බස් නැව් ගණන්...

ළඟදීම ඇත්ත එළිවෙයි – චිචිගේ සුප්‍රීම් සැට් ගැන ආණ්ඩුව දැන් කියන කතාව!

කොළඹ LNW:විමර්ශන අවසානයේ දී සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් සත්‍ය...

2025 ලෝක රොබෝ සම්මේලනය ඇරඹේ!

කොළඹ LNW: දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ...

ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර නැරඹූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW: ඊයේ (08) රාත්‍රියේ මහනුවර...