අපිට තියෙන ප්‍රශ්නේ ජොබ් එකක්වත් කරපු නැති චිචී රොකට් යවන්න සල්ලි හෙව්වේ කොහෙන්ද කියන එකයි – ඇමති TB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩුවට ඇති ප්‍රශ්නය වන්නේ රොකට්ටුවක් යැවීම සඳහා රෝහිත රාජපක්ෂට මුදල් ලැබුණේ කොහෙන්ද යන්න පිළිබඳව බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

”ඒගොල්ලො අහපු ප්‍රශ්නය ඇහුවේ රාජ්‍ය මුදල්ද කියන කාරණාව. අපිට තියෙන්නෙ ඒක නෙවෙයි, අපිට තියෙන්නෙ මේ රොකට් එක සඳහා ආයෝජනය කරන ලද මුදල් මිලියන ගාණක් ආයෝජනය කළේ කොහෙන්ද ? චිචී ජොබ් එකක්වත් කරලා නෑනෙ … ඉතින් රටේ රැකියාවක්වත් කරපු නැති කෙනෙක්. අපි අර ඩී. වී. චානක කියන කෙනාට කියන්නෙ, ඔය වෙන වෙන ප්‍රශ්න අහන්න එපා. එයාට හොඳම දේ තමයි නාමල්ලාගෙ රෙදි හෝදන්නෙ නැතිව නාමල්ලාගෙන් ප්‍රශ්නෙ අහන්න. ‘ඇත්තටම නාමල් අයියෙ, මල්ලි කොහොමද මේ සල්ලි හොයාගත්තෙ ? මල්ලිට කොහෙන්ද මේ සල්ලි ? අපිට තේරෙන්නෙ නෑ අයියෙ, කියලා දෙන්නකො’ කියලා ප්‍රශ්නයක් අහන්න. ඕක ඇහුවා නම් මේ ප්‍රශ්නෙ සුද්ද වෙනවා”

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...