එකඟතා ක්‍රියාත්මක නොවීම ගැන GMOA වෙතින් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා!

Date:

කොළඹ LNW:වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදුව ඇති අක්‍රමිකතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එළැඹි එකඟතාවන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශ තුළ ස්ථාන මාරු ලැයිස්තු සකස් කිරීම, ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම, රෝහල්වල පුරප්පාඩු සැපිරීම යන කරුණු නිවැරදිව සිදු නොවූ බවත් ඒ තුළින් උද්ගත වූ තත්ත්වයන් හමුවේ සිය සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සලකා බැලීමට ද සිදුවූ බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යවරයා දුන් වාචික පොරොන්දු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ක්‍රියාත්මක නොවීම සිය සංගමයයේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇති බවත් එමෙන්ම මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිඛිතව දැන්වීමට පියවර ගත් බවත් තාවකාලිකව අත්හිටුවා ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන් පිළිබඳව සිය සංගමයේ විධායක සභාවේ අවදානයට යොමු වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් පවසයි.

තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු මණ්ඩලය මැදිහත් වීමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්‍යව ක්‍රියාත්මක නොකරන්නේ නම් හෝ සෞඛ්‍ය පද්ධතිය අකර්මණ්‍ය කිරීමට තැත් කරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ පිළිබඳව දැඩි තීන්දු තීරණ ගැනීමට දෙවරක් නොසිතන බවද එම සංගමය අවධාරණය කරයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාවට නැංවීමට සැලසුම් සහගත ලෙස ප්‍රමාද කරමින් කටයුතු කරන්නේ නම් එම නිලධාරීන්ට විරුද්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු සියලු පාර්ශ්ව වෙත පැමිණිලි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානමින් පසුවෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...