රනිල්ටත් බැරිවෙච්ච ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ අනුර. මේ මාස 9ට අනුර හොඳටම මැච් එක ගහලා තියෙන්නෙ – ඇමති සුසිල්

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට භාරගන්නා විට ණය ප්‍රතිව්‍යුහගතකරණයවත් සිදුකර නොතිබුණු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් බැරිවුණු ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන ලද්දේ අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

”බංකොලොත් වෙලා තිබුණු රට අපිට හම්බවෙනකොට ණය ප්‍රතිව්‍යුහගතකරණයවත් කරලා තිබුණෙ නෑ. රනිල් වික්‍රමසිංහටත් බැරිවෙච්ච ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ අනුර. ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා විතරක් නෙවෙයි අපි දැන් 2028 ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් හදන ගමනේ යන්නෙ. ඒ නිසා බොරුවට ගමේ කුලප්පු කරන්න එපා මිනිස්සු. මේ මාස 9 ට අනුර හොඳටම මැච් එක ගහලා තියෙන්නෙ. දැන් මේ දවස්වල පොඩි චූන් එකක් ගන්නවා විශේෂයෙන්ම ඔය පොහොට්ටුවේ කට්ටිය මේ රොකට් එකේ එල්ලිලා. වැඩිය දඟළන්න එපා, ඒ වේගෙන්ම ඇද වැටෙයි බිමට”

නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (27) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 27) දිනයේදී උතුර, නැගෙනහිර...

බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක්...

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...