ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW:

අද (11) පෙරවරුවේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි. එහිදී විරෝධතාකරුවන් පැය භාගයක පමණ කාලයක් එම ස්ථානයේ විරොධතාවයේ නිරත වීමෙන් අනතුරුව පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට විරෝධතා පාගමනින් පැමිණි අතර , එහිදී එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අයුරුද දක්නට ලැබුණි.

මෙහිදී විරෝධතාවට එක්වූ විරෝධතාකරුවන් පෙන්වා දෙනුයේ පවතින ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ලබා දුන් පොරාන්දු මේ වන විට කඩ කර ඇති බවය.

විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කළේ, දැනට රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බවත් රජය විසින් එම රැකියා විරහිත උපාධිධාරීන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා රැකියා ලබා දෙන බව මින් පෙර පැවසූ පොරොන්දු මේ වන විඩ කඩ කර ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...