බංග්ලාදේශයේ චිතගොංග්හි ඛේදවාචකයක් ; ගබඩාවක පිපිරීමකින් 34ක් මරුට

ගිණිකොණ දිග බංග්ලාදේශයේ චිතගොං වරාය නගරය ආශ්‍රිත ප්‍රදේශයක සිදු වූ පිපිරීමකිත් මේ වන විට අවම වශයෙන් 34 දෙනෙකු මරුමුවට පත්ව තවත් 300කට අධික පිරිමසක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

අද උදෑසන මෙම පිපිරීම සිදුව ඇත්තේ රසායනික ද්‍රව්‍ය ගබඩා කරන ලද බහාලුම් ගබඩා සංකීර්ණයක ඇති වූ ගින්නකින් බව දැනට පැවසෙන අතර ගින්නට හේතුව තවම අනාවරණයව නැත.

මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි අතර තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් අසාධ්‍ය තත්වයේ පසුවන බව චිතගොංහි ප්‍රධාන වෛද්‍යවරයා ජාත්‍යන්තර මාධය වෙත ප්‍රකාශ කර තිබිණි.

මිය ගිය අය අතර ගිණි නිවන භටයින් 06 දෙනෙකුද සිටින බව ගිණි නිවීමේ හා සිවිල් ආරක්ෂක සේවාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මාධ්‍ය වෙත පවසා තිබේ.

ප්‍රදේශයේ රෝහල්වල දැඩි තදබදයක් පවතින අතර ලේ දන්දෙන ලෙස ඉල්ලීම්ද ඉදිරිපත්ව ඇතැයි වාර්ථා විය.

මෙමම ඛේදවාචකය මේ වන විට සමස්ථ ලෝකයේද අවධානයට පත්ව ඇති අතර ජනතාවගේ බලවත් කමපනයට හේතු වී තිබේ.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...