කළුරංජි අයියා ….

Date:

නුග ගහක් බෝ ගහක් නොවී
අඹ ගහක් වූ මිනිහෙක් එයා…
පෙන්වූයෙ ඔහුයි මට නම්
කළුපාට කොච්චර හැඩදැ’යි කියා…

අදත් මට කිව්වෙ මෙච්චරයි
“අමාරුම තව ඉදිරියට – හයියට හිටපං පුතා…”
දැනට හැත්තෑ හතක් වයසයි
මට වඩා හයියයි එයා…

ඒත් – බොරු කියන්නේ මොකටද…?

මහ ගස් ඇද වැටෙන විට ඉඳහිට
මට බය හිතෙනවා – ගැන එයා
බැන බැන මටත් – ඔන්න ආයෙත්
Resurrection ම කියවනවා…

‘හැත්තැ එක’ – නව කතාවක් නම්,
මං කැමති චරිතය එයා…
චිත්‍රපටියක් නම් ඒක –
හොඳම – සහය නළුවා එයා…

  • සුරේඛා සමරසේන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...