යුක්රේන සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් පුටින්ට ‘ඉතා දරුණු ප්‍රතිවිපාක’ වලට මුහුණ දීමට සිදුවන බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අගෝස්තු 15 වන දින අලස්කාවේදී පැවැත්වීමට නියමිත සාකච්ජා අතරතුර රුසියාව යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් ව්ලැඩිමීර් පුටින් ඉතා දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දෙන බව එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ(13)දිනයේදී ප්‍රකාශ කර තිබේ.

ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය, පෝලන්තය සහ ෆින්ලන්තය යන රටවල රාජ්‍ය නායකයින් සහ රජයේ නායකයින් මෙන්ම යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් ද සමඟ පැවැත්වූ දුරකථන සාකච්ජාවන්ගෙන් අනතුරුව මේ බව ජනාධිපති ට්‍රම්ප් සදහන් කර තිබේ.

කෙසේ නමුත්, සටන් විරාමයකට යන්නේ නම් යුක්රේනයෙන් යම් භුමි කොටසක් රුසියාවට ලබා දීමට සිදුවන බව ජනාධිපති ට්‍රම්ප් මිට පෙර සඳහන් කර තිබු අතර යුක්රේන හමුදාව ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් හි භූමිය ස්වේච්ඡාවෙන් යටත් නොකරන බවට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි තහවුරු කර ඇත. එනමුත් මේ සම්බන්ධයෙන් රුසියාව අවධාරනය කරන්නේ අවම වශයෙන් යුක්රේන කලාප හතරක් සාකච්ඡා මේසයේදී හෝ බලහත්කාරයෙන් රුසියානු බවට පත් වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයින්ට කාම්බෝජයේ ව්‍යාපාරික අව්ස්ථා පිරීක්සීමේ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලාංකික ව්‍යාපාරික...

යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම පිළිබද විශේෂ සාකච්ජාවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ආරක්ෂක අංශයේ ඇතුළු...

PTA අහෝසි කිරීමේ වාර්තාව අධිකරණ ඇමති අතට!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම...

එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීම අද (13)..

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු රජයේ කටයුතු...