දිනන්නේ කොළ ද අළු ද තීරණය අද

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාත්මක කරන විස්සයි විස්ස ලීග් තරගාවලිය නිමා කරමින් අද දිනයේ ග්‍රීන් සහ ග්‍රේ කණ්ඩායම් තරග වඳිනවා.මේ තරගාවලියේ දී එක් කණ්ඩායමකට ප්‍රතිවාදී කණ්ඩායමක් සමඟ තරග දෙකකට සහභාගි වන්නට සිඳු වී තිබෙනවා.මේ වන විට ග්‍රීන් කණ්ඩායම තරග තුනකට මුහුණ දී එම තරග තුනම ජයගෙන සිටින අතර ග්‍රේ කණ්ඩායම තරග තුනකට සහභාගි වී එක් තරගයකදී ග්‍රීන් කණ්ඩායමට පරාජය වී බ්ලූ කණ්ඩායම තරග දෙකකදී පරාජය කර සිටිනවා.බ්ලූ කණ්ඩායමට එක් තරගයක් හෝ ජය ගැනීමට අවස්ථාව හිමි වුණේ නැහැ.


එහෙත් අද තරගයේදී දෙපිළම මුහුණ දෙන්නේ මේ තරගාවලිය තුළ තමන්ට මුහුණ දෙන්න සිඳුවන සිව්වන තරගයටයි.එසේත් නැතිනම් අවසාන තරගයටයි.මේ තරගයෙන් ග්‍රීන් කණ්ඩායම ජය ගන්නේනම් ඔවුන්ට අපරාජිතව මේ තරගාවලියේ සූරයන් වෙනවා.එහෙත් ග්‍රේ කණ්ඩායම ජය ගතහොත් කණ්ඩායම් දෙකම තරගාවලියේ ජයග්‍රහණ තුනක් සහ එක් පරාජයක් සහිත කණ්ඩායම් බවට පත්වෙනවා.එසේ වුවහොත් එම සමානකම නිසා තරගාවලියේ සූරතාවය බොහෝ විට සහභාගි වූ තරගවල ලකුණු ලබා ගැනීම අනුව විසඳෙන්නට ඉඩ තිබෙනවා.


ග්‍රේ කණ්ඩායම බ්ලූ කණ්ඩායම සමඟ පැවති දෙවන තරගයද ජය ගනිමින් අවසාන හමුවට පැමිණිම සටහන් කළ ආකාරය වඩා ශක්තිමත් විශ්වසනීය එකක්.කඩුලු 6 ක ජයග්‍රහණයක් වූ එම ජයග්‍රහණයේදී නැවත වරක් දක්ෂයෙක් නැති හිස් තැනක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හඳුන්වන අංක හතර පිතිකරු ස්ථානය වෙනුවෙන් තමන්ගේ සූදානම පෙන්වමින් නුවනිඳු ප්‍රනාන්දු පන්දු 34 දී නොදැවී ලකුණු 50 ක් ලබා ගනිමින් තමන්ගේ සුදුසුකම යළි සනාත කළා.එසේම නායක චරිත් අසලංක පන්දු 28 දි ලකුණු 45 ක් රැස් කළා.මෙම පිතිකරණ දක්ෂතාවලට ග්‍රේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස දිනේෂ් චන්දිමාල් පන්දු 25 දී ලැබූ ලකුණු 44 ක් එක් වූ පසුව 18 වන පන්දු ඕවරයේ පළමු පන්දුවේදි කඩුලු 4 ට ලකුණු 179 ක් වාර්තා කරමින් කඩුලු හයක ජයක් ලබන්නට ග්‍රේ කණ්ඩායමට හැකි වුණා.


පළමුව පන්දුවට පහර දුන් බ්ලූ කණ්ඩායම වෙනුවෙන් පන්දු 15 දී ලකුණු 30 ක් ලබා ගෙන පැතුම් නිශ්ශංක හොඳ ආරම්භයක් ලබා දුන් අතර තරගයේ අවසාන භාගයේදී දසුන් ශානක පන්දු 19 දී ලකුණු 35 ක් නොදැවී සහ රවිඳු ප්‍රනාන්දු පන්දු 24 න් ලකුණු 41 ක් ලබමින් බ්ලූ ඉණිම පන්දු ඕවර් 20 නිමාවන විට කඩුලු 6 ට ලකුණු 178 ක් දක්වා ඔසවා තබන්නට සමත් වුණා.පන්දු යැවීමේදී විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 15 ට සිය පන්දු ඕවර් 4 සීමා කරමින් කඩුලු 2 ක් දවා ගන්නට සමත් වූ අතර චරිත් අසලංක කඩුල්ලක් දවා ගනිමින් පන්දු ඕවර් 2 ක් යවමින් ලකුණු 8 ක් පමණක් ලබා දුන්නා.සහන් ආරච්චිගේ ද කඩුල්ලක් ලබා ගනිමින් පන්දු ඕවර් 2 ක් යැවූ අතර එම පන්දු ඕවර් දෙක තුළ ද ලබා දුන්නේ ලකුණු 13 ක් පමණයි.සෙසු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වුණා.


අද සූරතාවය තීරණය කරන තරගයට පිවිසෙන විට නුවනිඳු ප්‍රනාන්දු පිතිකරුවෙකු ලෙස ඉදිරියෙන්ම සිටිනවා.දෙවැන්නාට සිටින්නේ චරිත් අසලංකයි.තෙවන තැන චාමික කරුණාරත්න සහ සිව්වන තැන කමිඳු මෙණ්ඩිස් සිටිනවා.පළමු තැන සහ දෙවන තැන ග්‍රේ පිතිකරුවන් සිටින අතර තෙවන සහ සිව්වන තැන ග්‍රීන් පිතිකරුවන් දැකියි හැකියි.ඒ අතරින් චාමික මේ දක්වා නොදැවී ක්‍රීඩා කරමින් සිටින අතර ප්‍රහාරක වේගය ලෙස 150.79 ක් සටහන් කරගෙන සිටිනවා.


පන්දු යවන්නන් අතර චාමික ඉදිරියෙන් සිටින අතර ඔහු මෙන්ම කඩුලු පහක් ලබා ලකුණු ලබා දීම අතින් චාමිකට දෙවැනි වන නුවන් තුෂාර ද ග්‍රීන් කණ්ඩායමේ නියෝජනයන් වීම අවසාන හමුවේදී ග්‍රේ කණ්ඩායමට බලපෑමක් විය හැකියි.කෙසේ වුවත් මේ වන විට ගෙවුණ තරගාවලිය දෙස බැලීමේදී චාමික නැවත විස්සයි විස්ස කණ්ඩායමට සිය සුදුසුකම් සපුරා පෙන්වමින් සිටින අතර නුවනිඳු ප්‍රනාන්දු හිස් තැනක් ඇති බවට ප්‍රචාරය කළ අංක හතර ස්ථානයේ රැදී සිටිමින් මේ දක්වා තරගාවලියේ හොඳම පිතිකරුවා ලෙස කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙනවා.


ඡායාරූපයේ දැක්වෙන්නේ ග්‍රේ කණ්ඩායම වෙනුවෙන් මේ දක්වා පැවති තරගවලදී තරගාවලියේ කැපී පෙණුනම පිතිකරුවා බවට පත් වී සිටින නුවනිඳු ප්‍රනාන්දු යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විහාරදේවාලගම් පනතට සංශෝධනට!

කොළඹ LNW:විහාර දේවාලගම් ආඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන...

ෆින්ලන්ත රජයෙන් මෙරට සුව සේවය ඩිජිටල්කරණයට අත හිත!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ගීතාගේ සමීම් වන්නට හැකි නෙත්මිගේ සංජීව

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකාව එදා මෙදා තුර...

බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කළ...